60

752 184 44
                                    

උදේ දහයයි කාලට වගේ නරි ලේලි හැර නරි ලේලිගෙ අම්මයි තාත්තයි ආච්චියි,සීයයි අපේ ගෙදරට ආවා.

"අම්මා කෝ අයියගෙ නරිලේලි?"

"කතා කරන්න ඉගෙන ගන්නවා මිනිසුන්ට.සත්තුන්ගෙ නම් කියව කියව දඟලන්නෙ."

අම්මා ආපු හතර පස් දෙනාට බොන්න බීම හදද්දී මාත් අම්මගෙ පස්සෙන්ම කුස්සියට ඇඳිලා ගියේ , මල්ලියි සුන්දරයයිත් පෝළිමට මගෙ පස්සෙන් එද්දී.

"ඇයි නැන්දේ ඇත්තටම ඔය නරි ලේලි කියන අක්කා ආවේ නැත්තේ?"

"එහෙම තමයි."

"ඒකිගෙ රැස් බලපන්කො.නේ සුන්දරයා."

"ඇහැට කණට පේන කොල්ලො දෙන්නෙක් ගේ ඇතුළේ ඉද්දී ඒකිට බය හිතෙන්න ඇති නේ බොසා."

"චූටි පුතා ඉස්සරහට යන්න."

අම්මා මාව තල්ලු කරලා එහෙම කිව්වම මන් නොයා බැරි කමට ගිහින් පැත්තකින් වාඩිවුනා.

නරිලේලි ආවම මන් ඔක්කොම පැහැදිලි කරලා දෙනවා.

මන් තාත්තට එහාපැත්තෙන් වාඩි වෙද්දීම සීයා කියලා හිතන්න පුලුවන් මනුස්සයා උගුර පාදලා ඇස් චුටි කරලා මන් දිහා බලද්දී මන් උලත් එකයි පිලත් එකයි වගේ බැල්මකින් සීයා දිහා බලන් හිටියා.

"මොකක්ද පුතාගෙ නම කිව්වේ?"

"මෙතීශ සස්මිත දිසානායක."

"ජොබ් එක?"

"කම්පනි එකක ඇසිස්ටන්ට් එකවුන්ටන්ට්."

"මීට කලින් ගෑනු ළමයි.."

" නෑ.."

"ඇයි?"

"ආසාවක් නෑ."

"ඒ මොකද ?"

"ආසාවක් නැති නිසා."

"එතකොට අපෙ දුව ගැන දන්නෙම නැතුව කැමති උනා.?"

.............

හැමෝම හිනාවෙවී  කියවද්දී මන් එළියට ආවා.




















"මන් යන්නම් මල්ලි."

"අයියේ,රුපියල් තුන්සීයක් දෙනවකො.මන් තමුසෙව ගෙනල්ලත් දැම්මනෙ බයික් එකේ."

"නිකන් හිටපන්."

"තමුසෙනම් මහ ලෝභයෙක්.."

මල්ලි බයික් එකත් හරවගෙන ආපහු යන්න යද්දී මන් බස් එකට නැඟලා මල්ලිට කෝල් එකක් ගත්තා.

SOULMATE(Completed)Where stories live. Discover now