56

687 179 105
                                    

මන් අඬ අඬ හිනාවෙවී කියෙව්වේ මෝක්ශගෙ ඩයරි එක.

එයා ආසයිලු මෙතීශ යාලුව ගෙදර ගිහින් තියාගන්න..අම්මගෙනුත් ඇහුවලු..අම්මා කිව්වලු මෙතීශ යාලුව ඇරන් ගියොත් මෙතීශ යාලුගෙ අම්මා අඬයි කියලා.

තව තැනක තියනවා මන් හරියට බරයිලු.එයා බත් ගොඩක් කාලා ඉක්මනට ලොකු වෙනවලු මාව උස්සගෙන යන්න පූලුවන් විදිහට.

මන් නපුරු මායාකාරියෙක් වගේ මිතුනට වෙනස් කම් කරනවලු..

මගෙ කම්මුල් ඥානකතා මල්ලිගෙ වගේලු..

එයාගෙ අම්මගෙන් ඇහුවලු මට උම්මා එකක් දෙන්නද කියලා අම්මා කිව්වලු යාලු කැමතිනම් විතරක් දෙන්න කියලා.

ඒ වුනාට මූ එදා රෑ ඕක ඉස්සෙල්ලාම දෙද්දී මගෙන් ඇහුවේ නෑනෙ.

මන් කවදාවත් හිතුවෙ නෑ එයා ඩයරියක් ලියයි කියලා.ඒත් එයා හොස්ටල් එකට ආපු දවසෙ ඉඳන් එයා මට ආදරෙයි කිව්ව දවස වෙනකන්ම ඩයරි එක ලියලා තිබ්බෙ,එයාගෙ හිතේ තියෙන ආදරේ මන් කියලා හිතාගෙන ඩයරියට කියනවා කියලා.

එයා ලියපු සමහර දේවල් දැක්කම හිතෙනවා එයා මට පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කරාද කියලත්.

එයා දැකපු ලස්සනම ලෙච්චමී මමලු.හැබැයි ඒක කිව්වොත් මිතුනට වගේ එයාටත් වෙනස්කම් කරයි කියලා ඩයරියේ ලියනවලු..

වෙලාවකට මෝක්ශ මටත් වඩා මෝඩයෙක්ද කොහෙද..මගෙ මෝඩයා.

එයා මගෙ හැමදේකම දැකලා තියෙන්නෙ ආදරයක්.පාන් භාගෙ වගේ බස් එක ඇතුළෙ ත් එයා දැක්කෙ ලස්සනක්.එදා අනිත් ඔක්කොම ළමයි මට හිනාවෙද්දී මන් චිත්‍රේ විසි කරලා දුවගෙන ආවේ ආය ජීවිතේට චිත්‍ර කරන්නෙ නෑ කියලා හිතාගෙන.

ඒත් එදා ඩස්ට්බින් එකට ගුලි කරලා, ගුලි කරලා දැම්ම පාන්භාගෙ බස් එක, මෝක්ශගෙ ඩයරි එකේ ලස්සනට අලවලා තියෙනවා.

ඒක යටින් ලියලා තිබ්බෙ, අනිත් අය ඔක්කොම බස් එකක් අඳිද්දී මන් ඇඳපු වෙනස්ම පාන් භාගෙට එයා ආදරෙයි කියලා.

එයයි මායි අපි දෙන්නම ආදරේ කරේ වෙනස්ම දේවල් වලට..ඒක වෙන්න ඇති අපිට අපිවම හම්බුනේ.එක වගේ මිනිස්සු ගොඩක් මැද්දේ අපි දෙන්නා හරි වෙනස්. හරියට.. හරි හතරැස්වට ඇඳලා තිබ්බ බස් ගොඩක් මැද්දේ මගෙ පාන් භාග බස් එක එයාට විශේෂ වුනා වගේ.

SOULMATE(Completed)Where stories live. Discover now