9-

952 214 37
                                    

දැන් දැන් අම්මා නැති අඩුව මට ගොඩක් දැනෙන්න අරන්. මගෙ තාත්තා අම්මගෙ වැඩත් එක්කම කරපු නිසා කලින් ගානක් නැති වුනත් දැන් තාත්තාත් නැති නිසා ඒක හොදටම දැනෙනවා.

"තාත්තේ ලේලියෙක් ගෙන්නද?"
"ඒ මොකටද? හදිස්සියෙ..."
"වළලු දාපු අතකින් කන්න..."
"ආ බුරූ වස්සො තෝ මෙච්චර දවසක් නොමැරි කෑවේ වලලු දාපු අතකින්ද? කුණුහර්ප නාහා ඔය ගෙදර වැඩ ටික කරපන්. තෝව හැදුවට වඩා හොදයි කිරි වැස්සියෙක් හදාගත්තා නම්..."

"යැයි යැයි තමා ඉතින්."
"ඇදත් කරනවද බූරු පැටියා තාත්තාට..." හරි අද බඩු බනිස්. ඔය ඇහෙන්නෙ නිර්මනි අක්කගෙ කට හඩ... බුදුසරණයි දෙවි පිහිටයි.

"නෑ අක්කේ වලලු දාපු අතකින් කමු කිව්වා."
"එච්චරයි අක්කේ ඔය මනුස්සයාට අඩු දැන්..." අනාරධනාවෙන් මෙයා මගෙ ජිවිතේ පාලනේ කරන්න හදනවා වගෙ. මම රවලා දෙව් දිහා බැලුවාම මම නිර්මනි අක්කා හිනා වෙනවා විතරයි.

"හරි හරි මම උයන්නම්.."
"වලලු දාපු අතක් වෙන්න ඕනේ ටොම් බෝයි කෙනෙක්ගෙ නෙවේ... හුම්ම්ම්ම්..." කට නහින්නෙ මාලුවා නිසානෙ මමත් එහෙමයි. ඔව් ඉතින් නිර්මනි අක්කා තරහා වෙලා හැදිමිටෙන් දීලා ඇරියේ... නෑ නෑ i.c.u යන්න වෙන්න ඕනේ නැති වෙයි. වැඩි අවුලක් නෑ....

මම උයන්න බාර ගත්තා වගෙ නෙවේ එත් මට උයන්න වුනා. එකම ලෝකෙක ඉරණම් හතරක්. අසනීප තාත්තාව පැත්තකට කරමු. ඇබයා තාත්තා එක්ක නිවුස් බලනවා, ටොම් බොයි මහන්සියට නිදා ගත්තා. හොද වේලාවට හැබැයි හතරකට උයන්න වුනේ. තාත්තාට මෙහෙමයි කියලා දන්නවා නම් මැරෙයි කියන බලාපොරොත්තුවෙන් හරි නෑදෑ හැත්ත කුරුත්ත එයි වස්තුව හූරන් කාලා ලෙඩාට ගෙන කෑමත් කාලා යන්න...

"රොස් ගදක් එන්නෙ මොකෙන්ද?" දෙව් කුස්සියට ඇවිත් අහද්දි මම හිටියෙ කල්පනාවක. එත් එක්කම මම බත් එක වහලා තිබ්බ මූඩිය අයින් කරන්න ගියත් අරු මගෙ අතට ගැහුවා.

"මොන ලෝකෙද ඉන්නෙ. අත පුච්ච ගන්නද මිනිහෝ ඕනේ." එයාගෙ නහර එලිප්පිලා එයාගෙ මූණ විකෘති වෙනකොට මම දැක්කෙ එයාගෙ අත වෙව්ලනවා.

"සොරි..."

"එහාට වෙනවා මම ඕක කරන්නම්... අන්න තමුසෙගෙ ගෝල බාලයෝ ආවා. මේ ටික නම් මදි වෙයි. සාගත කාරයෝනෙ ඔය."

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now