78-

677 155 50
                                    

"බායි මම හිතන්නෙ ඔයා මාරයා කටට යන්න මාර ආසාවෙන් වගෙ  ඉන්නෙ..."
"උඹ මාව අවුස්සලා මොනවා කරන්නද හිතන් ඉන්නෙ."
"මම කාවවත් අවුස්සන්නෙ නෑ බායි... එත් මේක බලලා ඉන්නකො..."

මම පොඩි විඩීයෝ ක්ලිප් එකක් බායිට පෙන්නුවා. 

"ඉතින් බලන්නකො ඔයාට වෙන දේ... මේක ගැස්සුනොත් ඔයා විතරක් ඉතුරු වෙයි." මම කිසිම බයක් නැතුව ගියෙ උන්නත් එකයි මලත් එකයි ටයිප් එකෙන්. මේක මුස්තාෆා ගෙ බෝල්ඩරේ. කුඩු බායි මූන් බෝම්බත් මෙහෙට ඉන්පෝර්ට් කරන කැටගොඩගෙ ගැන්සියෙ කුඩු රජා.

"උඹ මට මේක පෙන්නලා මෙතනින් යහතින් යන්නද ආවේ..."
"මට මෙතනින් මැරිලා යන්න මම නෙවේ මේක මට එව්වේ. එව්ව මිනිහා බලන්න කවුද කියලා.."

මම අතටම දුන්නා. ඕක තෝ අයින් කරත් මට එකයි කොපි දෙකක්ම මං ගාව තියෙනවා...

"මම කැටගොඩව යහතින් තියන්නෙ නෑ..."

"බායි දන්නවද මේ ළඟදී බායිගෙන් නැති වුන හෙරෝයින් ටික මාට්ටු කරේ කවුද කියලා... ඔත්තුව කාගෙද කියලා."
"උඹ හදන්නෙ අපිව කොටවන්න..."
"මම බායිව කොටවලා මොනවා ගන්නද?" එත් බලන් යද්දි අරුන් ඔක්කොටම වඩා මොලයක් මූට තියෙආවා
"උඹ මාව අන්දන්න පොඩි වැඩි කොල්ලො."
"එතකොට ඒ එයාපෝර්ට් එකෙන්ම දේශප්‍රියගෙ අයිස් ටික මෙතනට ට්‍රාන්ස්පෝට් වෙන්නයි ඔයාගෙ හෙරෝයින් අහුවෙන්නයි හේතුව මොකක්ද? බායි මම කිව්වට විශ්වාස කරන්න එපා... ඇස් වලින් බලන්න. දැන් දේශප්‍රියගෙ අයිස් ටිකක් බානවා. එක මිස් කරවගන්න මොකක් හරි ඇමක් ඌන්ට තියෙන්න ඕනේ..." මම කකුලක් පිට කකුලක් දාගෙන එයාට ෆේස් කරේ.

තඩි සුදු, රැවුල කලුම කලු බායි... මූ තමයි පාස්කුවේ බෝම්බ සප්ලයර් කරේ. දේශප්‍රියගෙ වුවමනාවට. ඒ කාලේ ඌ බලු වටින්නෙ නෑ... එත් දැන් ඌගෙ පවර් එකට හැමෝම බයයි. මොකද පොලිටික් පොලිතින් වැඩ මේ..

"උබට යන්න පුලුවන්... එත් මෙතන වුන දේවල් කවුරුත් දැනගන්න ඕනේ නෑ" ඒ ඇස් වල මං ගැන සැකේ ඕනේවටත් වඩා තියෙනවා  මම දැක්කා. මම බායිගෙ තිප්පොලෙන් ගියෙ පවන්ට පෙනි පෙනීමයි. ඔත්තු බලන ඈයෝ මෙතනත් හැමතැනම. බලය බලය අතරේ දෝලනය වෙන කොට මිනිස්සු අන්ධ වෙනවා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now