35-

756 157 24
                                    

"උඹලට මම කවුද බං... උඹලට මම කවුද?"
"මනෝ කෑ ගහන්න එපා බං පිලිස්."
"කෑ ගහන්න නෙවේ මම තොපිව මරනවා"
"එහෙම දෙයක් කියන්න බැරි නිසා හිටියෙ. "
"ආ මට දැන් තේරුනා උඹ අනුරාධපුර ආවේ මට ආදරේ නිසා නෙවේ ඌන් මාව හොයන් එයි කියන බයට... සැක් මම මොකෙක්ද? අක්කගෙ ජිවිතේ උගසට තිබ්බ එකෙක් වෙලා" වේදනාව මිනිස්සු තිරිසන්නු කරනවා. මට දැනෙන හැගීමට බය වෙන්නද? ඔක්කොම එකතු කරලා විසික් කරලා දන්නද?

මම කලඹල වෙන මනුස්සයෙක්. මම කෙලින්ම ගියෙ ආසිරි එකට. කැබ් එකක් දාගෙන. මට දැන් මට මේවා හංගපු එකෙක් එක්කවත් කතා කරන්න හිතෙන් නෑ මට තියෙන්නෙ කේන්තියක් විතරයි. මම හොස්පිටල් එක ලගින් බහිද්දිම මගෙ කකුල් ආයෙ වාරු නෑ වගෙ. මම මේ යන ගමන කොහොම වෙයිද කියලා ලොකු සැකයක් තියාගෙනයි මම හිටියෙ.

'මෙහෙම කරපු එකෙක්ව මම යහතින් තියන්නෙ නෑ...' මගෙ කේන්තිය හිතේම ගුලි කරගෙන මම හිතද්දී මම අක්කා හිටිය රූම් එකට ගියා. මගෙ ටොම් බෝයි දුර්වල වෙලා. ඔලුව බැන්ඩේජ් කරගෙන. හිනාවෙලාම තිබ්බ ඒ කේන්ති ඇස් පියවිලා.

"පාරක්, දෙකක් නම් වැදුනේ ඇයි මේකි මෙහෙම ඉන්නෙ...." මම කෑ ගැහුවා. මම දන්නෙ නෑ මගෙ පපුව ගිනි ගන්නවා. මුල ඉදන් අගටම මට ඔක්කොම කරන්නෙ බොරු.

"ආෂු... පිලිස් පිලිස් කූල් වෙලා යමන් මචන් අක්කට තාම සිහිය නෑ."
"ටොපා උඹ කිව්වා සති දෙකක් කියලා. මේකිට තාම සිහිය නෑ... පාරකින් දෙකකින් එච්චර දෙයක් වෙනවද?"
"ආෂු... පිලිස් මචන් උඹ කලඹල වෙලා."
"නැත්තම් උඹ මට කියන්නෙ මෙතන සිංදු කියලා නටන්න කියලද"
"පිංසිද්ද වෙයි... යමන්" මාව බලෙන්ම එළියට එද්දී මට මගෙ බෙස්ටව මතක් වුනේ.

"කෝ ටකා..." මම එක පාරක් ඇහුවා. දැන් ඉන්නෙ ජෝකර් ආෂු නෙවේ... මේ ඉන්නෙ මාරයා ආවේස වෙච්ච ආෂු.

"යමන්." ටොපාගෙ නැට්ට වගෙ මම ඒ පස්සෙ යනවා මිසක මට වෙන ඔප්ශන් එකක් නෑ. ඒක icu එක. පොඩ්ඩක් ඉන්න. මූන් මගෙ ඌන්ට කොච්චර කොහොම සලකලද සති දෙකක් මෙහෙම ඉන්න.

"ඌගෙ ඔලුව ඩැමේජ්. ඔපරේෂන් එකක් තියෙනවා හෙට." ටොපා හෙමින් කියනවා.

"උඹ මෙතනම ඉදපන් මට ගමනක් තියෙනවා."
"ආෂු ඉදපම්... ඌන් ඉන්නෙ උඹ එනකල්. අපි පස්සෙ අනුරාධපුරේටත් ඕකුන් ගිය එකෙ ඌන් උඹ ආවා කියලා දන්නවා ඇති."
"ඌන් බලේන් දැන ගන්න ඕනෙ නෑ. මමම පෙන්නන්නම් මම ආවා කියලා. කුණුහර්ප නාහා අයින් වෙයන්."
"උඹ හොද සිහියක නෑ ආෂු."
"උඹලා හිටියෙ මූන්ට කෙලිනකම් හොද සිහියකද?"
"අපි හිටියෙ නෑ යකෝ... උඹ හිතනවද අපි එච්චර අපතයෝ කියලා."

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now