50-

856 173 47
                                    

"මොකක්ද දැන් කරන්න ඉන්නෙ." මම දෙව්ගෙ කොණ්ඩේ අවුල් කරන ගමන් ඇහුවා.
"මම මොනවා කරන්නද ආෂ්... කැම්පස් යනවා.. එච්චරයි"
"දෙව් මම අහන දේට පැහැදිලි උත්තරයක් දෙන්න"
"උත්තරේ පැහැදිලි වෙන්න ප්‍රශ්නේ පැහැදිලි වෙන්න ඕනෙ නැද්ද?"
"පණ්ඩිතකම නම් තියෙනවා අහස උසට. වැඩ බැරි වුනාට."
"ඔයාගෙ වචනෙන්ම කියනවා නම් මැස්සෙක් ගිය උඩක්... තමා මට කියන්න වෙන්නෙ."
"හා හා... කොච්චර කරත් ඔච්චරයි. ඇත්තටම අහන්නෙ ඇයි මගෙ ෆෝන් එකෙන් සක්විති අයියාව බොලොක් කරේ." මම ඇහුවා විතරයි නෝර්මලි ඉන්න ෆට්ට ට්‍රයි එකක් දෙන ගමන් දෙව් වචන ගැලපුවා. මම දන්නවා දැන් මේ කියන්න යන්නෙත් බොරුවක්. ඕක අහලා කිසිම ලාභයක් වෙන්නෙ නෑ...

"නෑ එපා... වේලාව ආවාම මම අහන්නම්."
"මොනවා අහන්නද ආෂ්.. මම දන්න දෙයක් නෙවේ ඔයා අහන්නෙ."
"ඔයා දන්න දෙයක් හල්ක්. උඹ දන්න දෙන්නෙකුත් බොලොක් වුනේ කොහොමද නැත්තම්... හරි අනික් ඌන් මම කරාම කියමු මගෙත් ඔලුව නහුතුටේම නරක් වෙලා. එතකොට මධුරංග, නිහාල් ඌන් දෙන්නව බොලොක් වුනෙ කොහොමද??"

"ඔයා වැඩිපුර හිතනවා ආෂ්..."
"මම වැඩිපුර නෙවේ ඔයා මාව අන්දනවා."
"ආෂ් ඔය කතාව අපිට අද ඕනෙමද?"
"නැත්තම් ඕනෙමයි. නිර්මනි අක්කා හොස්පිටල් හිටියා ඔයාට ඒවා පෙන්නෙ නැද්ද?" මම කෑ ගැහුවා. ඇත්තටම මම මේ ගේමට බැස්සෙම ඒ නිසා.

"ඔයා පව් ආෂ්..."

ඔව් මම පව්... ඉදලා ඉදලා වටේම ගිහින් ගිහින් තමුසෙ ලගම නැවතුන මම පව්. කිසිම දෙයක් මට ඕනේ විදියට නොවෙන කොට මම කොච්චර අසරණ වෙලාද කාටවත් විශ්වාස නෑ. මට ඕනේ දේ මන් ගාව තිබ්බත් ඌත් මාව රවට්ටනවා කියන හැගීමම ඇති මාව මැරෙන්න. මට දුක හිතෙන්න. මම හිතේම හිර කර ගත්තා.

"ඇයි සද්දෙ නැත්තෙ"
"මම ඇයි කතා කරන්නෙ. මම අහන කිසිම දේකට ඔයා උත්තර නොදෙන කොට."

"ඔයා නොදන්නවා වුනාට වුන දේ මම දන්න නිසා මම පාඩුවෙ ඉන්නවා ආෂ්. මට බයයි ඔයා කැත්ත ගන්න ඕනෙ එකට රත් ගිනි පෙලෙල්ලක් අල්ලලා පුච්ච ගන්නවට."
"මට පෙහේළිකා වැඩක් නෑ.."
"නිර්මනි අක්කට එහෙම කරේ වෙන කවුරුත් නෙවේ සක්විති." මගෙ ඇස් උඩ ගියා. මේ මොන බොරුවක්ද? සක්විති අයියා එහෙම කරන්නෙ නෑ... මට ගියෙ මහා නෝණ්ඩි හිනාවක්.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now