21-

832 182 22
                                    

අද දවස ලියා ගන්න 2022 අප්‍රේල් 1. මිනිස්සු ජනාධිපතිවරයෙක් එපා කියලා මේ ලංකා ඉතිහාසෙන්ම පාරට බැස්ස දවස. මිරිහානේ ගැම්ම එන්න එන්නම වැඩි වෙනවා. එක කුලේකට, ආගමකට, ජාතියකට අඩු මිනිස්සු නෑ. ඔක්කොම එක පොකුරට මෙතන ඉන්නවා... මගෙ ඇග ඇතුලෙන් නලියනවා වගෙ දැනෙනවා. හෙම්බත් වෙච්ච මූණු වලින් පිරිලා.

"යකෝ මෙතන භාගයක්ම ගෑණු... බලපන් හයිය. පිරිමි වෙච්ච ඌන්ට ලැජ්ජා වෙන්න ඕනේ.." ටොපා කියද්දි මම බලන් හිටියා. මගෙ හිත මට කිව්වා කොල්ලෝ මේ පාරේ පලයන් උඹට පුලුවන් ඔය රත් වෙන ලේ වල වාඩුව ගන්න කියලා.

අපි පොඩ්ඩක් ඈතින් හිටියත් අපෙ 8ම එකම තැනකට ආවා. එකම තැනක අපි 8ම හිටියා. සක්විති අයියා කියන දේවල් ඇහෙන්නෙ නෑ. ඒ තරම් මිනිස්සු කෑ ගහනවා.

"පාරවල් ඔක්කොම වහලා. දැන් කර්ෆිව් දාලා තියෙන්නෙ මේ පාරවල් වහලා."
"අපේ ඌන් කොහෙද?"
"ඌන් නුගේගොඩදී පොලිසිය නවත්තගෙන."
"අපි 8 මොකක් කරන්නද මෙතන."
"මෙතන කරන්න බැරි නිසා තමයි අපි පැලෑන් එකක් ගහන්න ඕනේ. හෙට මීටින් එකක් තියෙනවා.. ඔක්කොම ලෑස්ති කරපන්. උදේ එකට අපි 8 වගෙම හවසට අනික් ඔක්කොම රෙඩි කරපන්." සක්විති අයියාගෙ අණ එයා දුන්නා. සෙට් සෙට් පිටින් පාරේ හිර වෙලා ඉන්නවා. මොනවා කරන්නද? අපි බලන් හිටියා එදා රෑ නිදාගත්තෙ නෑ... මහා පාන්දර වෙනකල් මිනිස්සු එනවා සූ ගාලා.

මාව ගෙදරට දැන්මේ ටොපා. ඒ වෙද්දිත් පාන්දර 2යි. වෙනදා 8.30ට නිදාගන්න තාත්තා සාලේට වෙලා බලන් ඉන්නවා.

"තාත්තා තාම නැගිටලා." හොර පූසා වගෙ මම ඇතුලට යන්න හැදුවේ මොකද මේ මනුස්සයා ආස නෑ ප්‍රිකටින් වලට. එත් එයා ආණ්ඩුවට බනිනවා.

"උඹත් මිරිහානේ නේද හිටියෙ"
"මොකටද දැන් අහන්නෙ."
"අහන්නෙ මම උඹේ තාත්තා නිසා..."
"ඔව් ඔව්... එහෙ තමා හිටියෙ."
"ඇයි මාව එක්කන් නොගියෙ..." මම පුදුම වුනා. මගෙ ඇස් ඇරෙන්න ඇති. මේ තාත්තාමද කියලා මට සැක හිතෙන තරමට මම ගැස්සිලා හිටියෙ.

"තාත්තා මේවට කැමති නෑනේ."
"මම කැමති නෑ... උඹලා  නිතරම බෝඩ් අල්ලන් ඉල්ලීම් ඉල්ලීම් කිය කිය නටන එවාට... ඒත් මේ එන්නෙ මිනිස්සුන්ගෙ කදුලු වල හයිය..." මම තාත්තා දිහා බැලුවා. මූණේම ලියවිලා තිබ්බා කැටි ගැහුන ඒ කේන්තිය. දැන් දැන් දවල්ට අපේ ගෙදර ටියුෂන් ක්ලාස්. එත් සල්ලි අරන් කරන ඒවා නෙවේ. එවා නිකන් කරන්නෙ.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now