37-

770 171 51
                                    

අරුන් ෂැංගිලා එකෙන් යනකල් මායි මලිත් මල්ලි දෙන්නම බලන් හිටියෙ. ඌන් ගියෙ පාන්දර හතරට. එකත් හතරගාතෙන් අවජාතකයා නම් මිනිස්සුන්ගෙ පිටවල් උඩ. පස්සෙ තමයි මලිත් ඒ ඇතුලට ගියෙ වෙරි වගෙ. ඇයි ඉතින් ඌත් හිටියනෙ එතනනෙ...

"ආ අයියෙ."
"ඉදපන් බලන්න මගෙ ෆෝන් එකෙ තියෙන්නෙ මොනවද කියලා.." හී හී... ෆෝන් එක තිබ්බට මට විඩීයෝ ඔන් කරන්න බැරි වෙලා. හී හී කමක් නෑ cctv ටික තියෙනවා නේහ්.

"මරු මිනිහා." මූගෙ ඉස්සරහත් මගෙ රෙදි ගැලවුනා එහෙනම්. ශිට් මගෙ දෛවයෙ නම් ඇත්තටම චොරයි.

"හරි හරි ඔෆ් එක කීයද?"
"දැන් මට ඕෆ් වෙන්න පුලුවන්. ගැහුවා වගෙ ඇක්ට් කරන්න විත්රයි තියෙන්නෙ."
"ඔය තියෙන්නෙ පැලෑන්... යමන් එනම් මම එළියෙ ඉන්නම්." මම මලිත්ට කියලා එළියට ගියා. මොනවා නැතත් පෙන් එක නම් පරිස්සම් කරගන්න ඕනේ...

මම එත් බලන් හිටියෙ අර අරගලේ තිබ්බ භූමිය දිහා. බලන්න අමාරුයි පවාදීම එච්චරටම රිදෙනවා. හරියට මට  දැන් දැනෙන හැගීම. මුලු හිතේම තිබ්බ එකම කනස්සල්ල දාහක් තරුණයොන්ගෙ හීන, බලාපොරොත්තු අළු වෙලා ගිහින් තියෙන විදිය..  අපේ ඌන් මෝඩ වෙලා කියලා දැනෙනවා. ඔව්  මමත්. අරගලේට යන්න බැරි වුනා කකුල කඩා ගත්ත නිසා. එත් මට ඇත්තටම යන්න ඕනේ වුනා.

"අයියෙ යමු... ඕහෝෂ් කල්පනාවකද හිටියෙ." මෙන්න මූ දැන් ඇක්ටිව් වෙලා. කලින් හිටියෙ මීයට පිම්ඹා වගෙ.

"මම හිතුවා කතා කරන්න බැරි එකෙක් කියලා."
"නෑ එහෙම අවුලකුත් නෑ..."
"යමන් යමන්..." මම උගෙ කරට අත දාගෙන මොරටුව බස් එකෙ නැග්ගා. දැන් දෙහිවලින් බැහැලා 119 යනවා.

අපි මැන්ටිස් එක ලගට එද්දී කොහොම හරි දහයට විතර ඇති.

"වාව්...."
"මොකො..."
"මට බැරිස්ටා කෙනෙක් වෙන්න ආසයි." අරු එක පාරම කිව්වා. "Coffe is always good idea" මැන්ටිස් එකෙ ඒ ගහලා තියෙන එක බලාගෙනම.

"ඕහෝෂ්. කොල්ලා ගොඩක් ආසයි වගෙ කෝපි වලට..."
"ඕහෝ... මම ආසයි නිතරම මොකක් හරි ප්‍රශ්නෙකදි කෝපි බොන්න." අරේහා අපේ අම්මා වගෙ තව ඈයෝ ඉන්නවා එහෙනම්.

"ම්ම්ම් ඕඕ යමුද කෝපි එකක් බීලා මොනවා හරි කන්න. උදේට කෑවෙත් නෑනේ.."
"බෑ අයියෙ ගනන් ඇති."
"ම්ම්ම් මට මේකෙ ෆ්‍රී කාර්ඩ් තියෙ."
"එත්..."
"යමන් යමන්..." මම කොල්ලගෙ කරට අතකුත් දාගෙන ඔලුව අවුල් කර කර මැන්ටිස් එක උඩට ගියා. මට ආස හිතුනා අර කපල් වලට වෙන් කරපු තැනට ගිහින් කන්න..  කොල්ලෙක් එක්ක. අනේ මොනවා වෙනවද බං.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now