66-

626 158 26
                                    

කට්ට කරුවලේ ඇද ළඟ බිමින් මම වාඩි වුනේ එළියෙ පේන තරු දිහා බලාගෙනමයි. මේ කාලකණ්නි කමට මම වෛර කරනවා. මම කැමති සැහැල්ලුවට හිටිය ආෂුට, වේදනාව පිරුණු ආෂ් ට වඩා මම එයාට කැමති. එත් මම ආෂ් කියන මිනිහාගෙ දකින්නෙ පරිපූර්ණ කමක්. දණහිස් දෙක උඩට මම ඔලුව තියන් කල්පනා කරේ එක.

මේක හිස් හැගීමක් ඇත්තටම මේ හැගීම මොකක්ද කියලා මම දන්නෙ නෑ. මට මේ ගන්න හුස්මක් හුස්මක් ගානෙම විදවන හැගීමක් දැන් එන්නෙ. හිතුනට තනි වෙන්න ඕනෙමයි කියලා මට එහෙම වෙන්න බෑ... මොකද මම දන්න තරමින් මට දැන් විවේකයක් ඕනෙ. මිනිස්සු මට මොනවා කිව්වත් ඒවා වචනයක් විතරක් වෙලා. ජිවිතේ මුල් පිටු ටිකට මට ආයෙත් යන්න පුලුවන් වුනානම්.... මම හිතුවේම එහෙමයි. 

හිස් අවකාශයක ගෙවුන මතක විතරක් ඉතුරු වෙද්දි නෙදකින් මදුරුවෝ කනවා කනවා, ඒ විතරක්  නම් බැරියැ කූන් කූන් ගාගෙන යනවා. මගුල් වැල් වටාරම් ඕනෙ නෑ මට තියෙන භූත ෆීලින් එක මම දන්නෙ නෑ... එච්චරයි. නා ගෙන නිදා ගන්නවා අරු අවලමේ ගිහින් එන්න ඇතැ අද. ඕකට මම පාඩමක් ඉගැන්නුව්වේ නැත්තම් මම ආෂ් නෙවේ.

නාලා ඉවර වෙලා මම ආයෙ කාමරේට එනකොට මිදුලෙන් ආවේ කාර් සද්දයක්.  අද අරු එක්ක කාර් එකෙ ගනන් පෙන්නන්න ආවද දන්නෙ නෑ. බේසිකයා. ටවල් එකත් ලිහලා දාලා මම ඇදුමක් දාන් පහලට ගියෙ අපේ අමුත්තාව හම්බවෙන්න කියලා. ඕකාව අද මම වාර්නිශ් කරලා නවතින්නෙ.. එත් හිටියෙ තාත්තා. තාත්තා ඇවිත් තිබ්බේ විරාජිනි එක්ක. මගෙ දිහා රවලා බලපු තාත්තා විරාජිනි ලගට ගියෙ තේ එකකුත් අරගෙනමයි. මොන මරාලෙක මුල සුනක්ද දන්නෙ නෑ මේ...

"මම එහෙනම් යන්නම් තාත්තා. ආක්ෂු මම යනවා..." තාත්තාගෙ කකුල් අල්ලලා වැදලා යන එකිගෙ කපටි හිනාව දිහා මම බලාගෙන හිටියා. එතන මොකක් හරි වැරැද්දක් තියෙනවා. එත් මොකක්ද මේ හැගීම. රෙද්දෙ හැගීම් බේරගන්න එපා ආෂ් උඹ බේරියන් ඕකි ආවා කියන්නෙ ගැට කපන් මැරෙන්න වෙන ලෙඩක්.

විරාජිනි යනකල්ම කිසිම සද්දයක් නැතුව හිටිය තාත්තා දොරත් වහලා කාමරේට ගියෙ කිසිම කතාවක් බහක් නැතුව. වෙනදට ගියෙ කොහෙද හරි කියන මිනිහා අද සයිලන්ට් වෙලා... කුණාටුවක් එන්නෙ නිහඩ සයුරක් තියෙද්දිලු. මමත් ගැස්සිලා හිටියෙ. මොකක්ද මේ වෙන්නෙ. එත් අඩ ගහලා ඇගෙ මගුල් ගා ගන්නවට වඩා පැත්තකට වෙලා නරඹන එක සෙෆ්ටි ආෂ්... උඩට පලයන්... ෆෝන් එක අරන් දෙව්ට මැසෙජ් එකක් දැන්මේ මොකක් හරි මරාලයක් නම් කොල්ලා බේරෙන්න ඕනේනෙ.. 

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now