69-

698 155 43
                                    

වේදනාව වචන කරන්න දන්න මිනිස්සු අස්සෙ වේදනාව මොන වගෙ එළියට පෙන්නන්නද කියලාවත් නොදන්න මිනිහෙක් මම. නෑ මම හිතන්නෙ දන්න දේ මම එළියට දාන්න කැමති නෑ. මුල ඉදන්ම මගෙ නොසැලකිල්ලයි, මෝඩ කමයි තිබ්බේ නැත්තම් අද මට මෙහෙම දවසක් එන්නෙ නෑ. අම්මගෙ සේපාලිකා ගහට බායි කියලා මම ටොපාටයි, අක්කයි සමු දුන්නා. අන්තිම වෙනකල් මාව අල්ල ගන්න ඒ දෙන්නා ගොඩක් මහන්සි වුනා. එත් කාලකණ්නි මට එකට පින තිබ්බෙ නෑ... සතියක් ඉඩ දුන්නත් ඒ සතියෙම දෙව් මගෙ ඇස් මානෙට ආවේ නැති කොට හිස් කමක් එක්ක තනිකමක් මගෙ හිතේ පැල් රැක්කා...

කැබ් එකකට කතා කරගෙන අපි ගේ පේනමානෙනුත් ගොඩක් දුරට යනකල් මම ඒ ගෙදර ඒ මතක එක්ක හිර වුනා. මුකුත්ම කරගන්න මට බැරි වුනොත් මම මෙහෙම්ම හැංගිලා දූවිලි වෙලා යනවා... එත් ලොකු ට්‍රස්ට් එකක් තියෙනවා මට ආයෙ කොණ්ද දිග ඇරගෙන මෙතනට එන්න පුලුවන් වෙයි කියලා. එකට මට හයියට තියෙන්නෙ මගෙ අත්ම විතරයි කියලා දන්න නිසා තවත් තදට අල්ල ගන්න මම මහන්සි වෙනවා.

"සතුටුයි නේද?" මම තාත්තාගෙන් ඇහුවා.. කින්ඩියකට නෙවේ මේ දෙයින් කවුරු හරි සතුටින් ඉන්න ඕනේ නිසා. අපේ මේ කැපකිරීමෙන් තාත්තා හරි සතුටු වෙන්න ඕනේ.

"උඹ විහින්ම මේ තැනට පත් වුනේ." මම ඇස් දෙක පියාගෙන ආයෙත් සීට් එකෙ ඔලුව තද කරගත්තා. මැවිලා පෙනුනෙ මම ආසම රූපේ. මගෙ ජිවිතේ මේ තාක් මම ආදරේ කියන දේ දැනගෙන හිටියෙ නෑ. කට්ටිය කිව්වා ආදරේ මෙහෙමයි, එහෙමයි, අරමයි කියලා මම පිලිගත්තේ නෑ... මම හිතුවා ඒක වෙන්නෙ ගෑණියෙකුටයි, පිරිමියෙකුටයි හෝර්මෝන වැඩීම නිසා කියලා. ඉතින් දැන් මම ගෑණියෙක් එක්ක බැදිලා නෑ... මට ශරීරේ හෝර්මෝන ඕනෙ එකෙක්ගෙන් පිට කරන්න පුලුවන්. එත් දැන් මට එක කරන්න හදවත ඉඩ දෙන්නෙ නෑ... ලෝකෙ ආදරේ තියෙනවද? නැද්ද නොදන්න මම දැන් දන්න එකම දේ.... ඔයා ළඟදි මම සම්පූර්ණ පරිපූර්ණ මනුස්සයෙක් වුනා කියලා විතරයි දෙව්...

අපි පිටකොටුවෙන් නවතීවි කියලා මම හිතුවේ මඩකලපුව එච්චරම දුර නිසා. එත් නෑ පිටකොටුව පහු කරා... ටික ටික එන මූසල හැගීම් මට කියනවා ආෂ් උඹව උඹේ තාත්තා ඇන්දුවා කියලා. එත් මම බලාගෙන හිටියා. එත් තාම නෑ අපි පිටත් වුනේ හවස 3ට වගෙ. තාම ගමනේ. ඉන්න එන්න එන්නම මේ දැනෙන සීතල ගැන මොකක්ද??? බාප්පගෙ ගෙවල් දර පෝරණු වගෙ එත් මේක අයිස් කැටයක් ඇතුලෙ හිර වෙලා වගෙ...

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now