61-

728 159 32
                                    

අපි තාම ඉන්නෙ රූම් එක ඇතුලේ. සක්විතිව එළියට ගන්න පුලුවන් කමක් අපිට තිබ්බේ නෑ. ඔක්කොම සෙටල් වෙනකල් අපි තුන් දෙනා මූණට මූණ බලන් ඉන්නවා. ඔය වගෙ වෙන්න එපා මනෝ උඹට දැන් එක එක කුප්ප ඒවා ඔලුවට එනවා. තොට දෙව්ව හුරතල් කරන්න ඕනෙ වුනත් දැන් එක කරොත් තෝට වෙන්නෙ අවුරුද්දෙම වහ කන්න. මම දෙව් දිහා බලන් ඉන්නවා විතරයි.

"ඒ මනෝ තොට දැන් මොනවා හිතුනත් ඒ දේ කරන්න එපා." ටොපාගෙ ටෝන් එකම බය භීත වෙලා. මොකත මේ 2000 කොල්ලා බය වෙලා.

"මොනවද?"
"උඹේ ඇස් කියනවා උඹ හොදකට එන්නෙ නෑ කියලා. අරු දිහා බලන බැල්ම." ඌ හල්ක්ව ඇගිල්ලෙන් පෙන්නද්දි

"ආහ් ටොපා... උඹත් වැඩි නෑ අපිට. තුන එකට කරමු." ඉන්න ඉන්න මම හිතලා කිව්ව මගුලක් නෙවේ. මට අමතක වුනා ඔය තුනේ කතාවට අපි ඇරගත්තා කියලා. ශිට් මෙහෙමත් දුකක්.

ඔන්න ඉතින් කුලප්පු වෙලා දැන් යන්න යයි. එත් ඉන්න ඇයි අරු ටී එක ගලවන්නෙ. මමත් කන්ෆියුස් වෙලා. මූ නටන නාඩගම මොකක්ද?

"ඉතින් සදරු අයියෙ කමක් නෑ ලු..." මොකක්... නෑ නෑ ඉන්න. මේ මම දන්න දෙව් නෙවේනෙ. හරි නම් මට ගහලා දැන් මූ මාව දාලා යන්න ඕනෙ.

"ආහ් ඇටයාගෙ ෆිට් නස් එකත් මරු..." මේ මේ මොකක්ද මේ වෙන්නෙ.

"ඒ ඒ මේ පිස්සුද? මොනවද ඔය කරන්නෙ."
"ආ මනෝ උඹනෙ කිව්වේ 3 එකට කරමු කියලා."
"මම කිව්වේ නෑ එහෙම මම කිව්වේ අපි... අපි tv බලමු කියලා."

"අනේ මනෝ උඹයි උඹේ tv එකයි... මම පොඩ්ඩක් එළියට යනවා. මලිත් එනවා කිව්වා දැන්." ටොපා එළියට ගියෙ මලිත් නිසාම නම් මමත් යන්න ඕනේ

"ඉදපන් මමත් එනවා."
"උඹේ ලව් එකට මම බකට් දාන්නෙ නෑ. ඒ නිසයි යන්නෙ. තෝ නම් ටියුබ් ලයිට් සෙට් එකක්."
"තෝ ලව් එකටද? මරා ගන්නද? බකට් එක නොදාන්නෙ."
"උඹට කැමැත්තක් හිතාගනින්..." ටොපා රූම් එකෙන් එළියට අඩියක් තිබ්බා. මම දන්නවා ඊලග මොහොතේ මෙතන විනාශයක් වෙනවා.

"හල්ක්... මම එහෙම කිව්වේ නෑ..." මට කියන්න වුනේ නෑ තඩි පාරකින් මගෙ කන රත් වුනා. එක වෙනදට වඩා සැරයි.

"උඹට මාව ජෝක් එකක්ද? ආ... උඹ කියපන් උඹට මාව ජෝක් එකක්ද කියලා." දෙව්ගෙ සැර කට හඩ මගෙ කන ගාව රැව්පිලිරැව් දෙද්දී මම කට පියන් හිටියා. අද මම වැරදි...

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now