59-

787 170 16
                                    

මම වීල් එකට සල්ලිත් දීලා දෙව්ට එන්නවත් නොකියා මම සිමෙන්ති බංකුවෙන් ඉද ගත්තා. මම වඩාගෙන ගෙනියන්න ඕනෙ කෙනෙක්වත්, වාරු කරන් යන්න ඕනේ කෙනෙක්වත් නෙවේ. එයා මට වඩා ශක්තිමත් කෙනෙක්. ත්‍රීවීල් එක යූ ටර්න් එකක් හරවගෙන යනකල් මම ඔලුව උස්සන් හිටියා. ඒ එක්කම දෙව් උඩට ගියා. එයා කොහොමත් මෙතන නවතින කෙනෙක් නෙවේ. මගෙ හදවත එයාට ජාරා ගොඩක් විතරයි.

"උඹට තව හිතන්න තිබ්බා ආෂ්... ඉස්සරහට අඩියක් තියන්න කලින්. කවදාවත් නොකරපු දෙයක් කරන්න කලින් උඹට තව හිතන්න තිබ්බා. මේ ලබ්බේ ආදරේ..." මම මටම කියා ගද්දී මගෙ බෙල්ලට දැනුනේ සීතලක්. වෙනදා කරන දේ අද කරාට මට කිසිම දෙයක් දැනෙන් නෑ දෙව්... ඔයාගෙ වචන මාව කඩලා බිදලා දාලා ඉවරයි.

"ආෂ් සොරි..." මම නැගිට්ටා.

"මට ඉන්න දෙන්න."
"පිලිස් ආෂ්...."
"ඔයා මොනවා කිව්වත් දැන් වැඩක් වෙන එකක් නෑ..."
"ඇයි?"
"ඔයාට මේක ජරා අතක් නේද? මට කියන්න තිබ්බා ඔයාව අල්ලන එක ඔච්චර අප්පිරිය නම්.. ඊයෙ රෑ මම ඔයාව අල්ලපු අල්ලපු වාරයක් ගානෙ මට ඉතුරු පසුතැවීමක් විතරයි..."
"මොකක්ද?? ආෂ් මේ පොඩි දේ අල්ලන් කියවන්න එපා."

මට කේන්ති ගියා... ඌට පොඩි දෙයක් ඒක.

"උඹේ පොඩි දේට මගෙ ඇස් රතු වුනා. තනියම ඉන්න දීලා යන්න." මගෙ ලගට දෙව් ලං වෙන වේගෙ මගෙ පපුවට වදයක් වෙලා මම මෙතනින් එහාට නොගියොත් මට වෙන දේ මම වත් දන්නෙ නෑ..

"ආෂ්... ඒක එහෙම නෙවේ..." මගෙ පපුවට දෙව්ගෙ ස්පර්ශය නහර දිගේ ආයෙ හදවතට උඩුදිව්වා.

"මෙතන මම නෙවේ ඉන්නෙ කියලා මට සැක හිතෙනවා අයියෙ..." දෙව් මගෙ පපුව උඩ වෙනදා වගෙම ඔලුව හේත්තු කරගද්දී මේ මනුස්සයා අඩනවා. ඉන්න ඉන්න මෙතන මමයි වින්දිතයා. මූ දැන් මාව විත්තිකාරයා කරනවා.

"නිකන් මාව විත්තිකාරයා කරන්න එපා බං..."
"ඔයා වින්දිතයෙක් වෙලත් නෑ ආෂ්. මම තව කොච්චර ඉවසන්න ඕනෙද?"
"ඔයාට ඉවසන්න මොනවද තියෙන්නෙ. මමයි මෙතන ඉවසන්න ඕනේ."

"ඇයි විරාජිනි හම්බෙන්න ආයෙත් ගියෙ." දෙව් ඒ අහපු දේ මම බලාපොරොත්තු නොවුන දෙයක්.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now