24-

866 169 43
                                    

"මගෙ ඔලුව රිදෙනවා..." දෙව් එක්ක කාලා බිලා මම හිටියා. යකෝ එකෙක් මාව හෙව්වේ නැද්ද?

"කෝ එන්න..." මාව ඌ ලගින් ඉන්දවගෙන ඕඩිකොලොන් ඔලුවට දාලා මසාජ් කරා. ඒ අතේ මාර අත් ගුණයක් තියෙනවා බං. නින්ද යන්න ඔන්න මෙන්න තියෙද්දී මට ඇහැරුනේ ෆෝන් එකක් රින්ග් වෙන නිසා. මට කෝල්ස් ආවේ නැති වුනාට මම ලස්සන සිංදුවක් රින් ටෝන් එකට දාලාතියෙන්නෙ. බෲනො ගෙ මැරි යූ...

"කෝල් එකක්..."
"ඇහෙනවා."
"ඉතින් ගිහින් ගන්නවා."
"මම අසනීපෙන් අරන් දෙනවා." මෙච්චර වෙලා මගෙ ඔලුව මසාජ් කරපු එකා කකුල උස්සලා පිටට එකක් දුන්නා ෆෝන් එක තිබ්බ ස්ටූල් එක ගාවටම බඩ ගාගෙන වැටෙන්න.

"තමුසෙව අහුවෙයිනෙ මට."
"පුරාජේරුව නවත්තලා කෝල් එක ගනින් බං. අර මී හරක් ටික කුලප්පු වෙලා ඇති."

හැමදාම කියලා එපා වෙලා දැන් යාලුවොන්ට ගරු කරන්න කියලත්. කරන්න දෙයක් නෑ අපේ ඌන් මයි නම්බුව හා ගත්තෙ මූ ඉස්සරහ.

"ඕ... කියපන්..."
"කොහෙද තෝ ඉන්නෙ."
"මම යාලුවෙක්ගෙ ගෙදර බං."
"තෝ ආතල් ගන්නවා. අපි මෙහෙ බය වෙලා."
"ඉතින් ටකෝ දැන් දවල් 12ටත් කිට්ටු වෙලාද තොට මාව මතක් වුනෙ."
"ඔව් ඉතින් අපි නිදාගෙන නැගිට්ටාම මතක් වුනෙ."
"තූ තොපි... යකෝ මම මැරෙන්න ඔන්න මෙන්න ඇබා මාව බේරගත්තෙ."
"මම ඌ නිසා තමයි උඹව යැව්වේ."
"මොකක්ද?"

"ඊයෙ උඹට පණක් තිබ්බේ නෑනේ බං. මම ආවා එක්ක යන්න. තෝ ඉන්න තැනටම වතුර පාර වැදුනාම ලෝ ඇටයා දුවලා තෝව කරේ තියන් ආවේ. ඉතින් අපි මෙතන ඉන්නම් කියලා ඌ එක්ක තෝව යැව්වා. එත් මම මේ කල්පනා කරන්නෙ ඇයි ඌ ඊයෙ ආවේ කියලා.උඹ හිතුවද මෙච්චර අමාරුවෙන් ඉද්දි තෝව අපිට අමතක වෙයි කියලා." ඒ ටික නම් පපුවෙන් මයි ඌ කිව්වේ... මට මගෙ ඌන් ගැන ආඩම්බරයි.

"ඒ බං උඹ හොයාගත්තද මනෝ ඉන්නෙ කා එක්කද කියලා. මම උදේ මතක් කරන්න තොපි එකෙක්ට ඌව මතක නෑ..." ඒ නම් ආවෙ ගැටයගෙ සද්දේ... ආඩම්බරත් වුනා යකො. මොනවා නැතත් අපේ උන්ගෙ කටවල් නම් ගූ හතයි.

"හලෝ... හ්..න්හ්. හලෝ... ම්... ඇ... ඇහෙන් නෑ... සිග්නල් නෑ... හ්..."

අරු හෙන ගහන්න වගෙ ෆෝන් එක තිබ්බා හෙන ගහනවා යකො තොපිට.. වැහි නැතුව හෙණ වදිනවා

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now