51-

831 173 34
                                    

හැමෝම නිදාගන්න රෑක මම ඇහැරිලා. මම මගෙ එහා පැත්තෙ කෙනා දිහා බලන් හිටියා. මම අද සතුටු වෙන්නද? අද මම දුක් වෙන්නද? මට තේරුමක් නෑ.  මොකද කිව්වොත් මගෙ ලගට දෙව් ආව එක ඇත්ත. එත් එයා එක්කම ඈරුන ඇත්ත වල තිබ්බ වේදනාව මම දන්නවා එක වැඩි ඇති. අක්කා හැංගුව ඒ වේදනාව මට දැනෙන වාරයක් පාසා මම දුක් වෙනවා. දෙව්ගෙ  රූම් එකෙ තිබ්බ ලා පාට ලැම්ප් එකෙන් දැන් මම එයා විදපු දුක මතක් කර ගත්තා. තාත්තාගෙ ඉගෙනීමෙයි, සැප විදීමෙයි අවසාන ප්‍රතිඵල විදින්න වුනේ දෙව් ටයි, නංගිටයි. හරි විරාජිනි නංගිව බලාගත්තාම කියමු එත් දෙව් වින්ද දුකට තියෙනවද මුකුත්ම දෙයක්.

මට කේන්තියකුත් තියෙනවා. අපේම ඌනුත් මාව පිට එකෙක් කරා, අක්කා මාව බබෙක් ගානට දැන්මා. මම කොහෙන් මේ හැගීම් බේර ගන්නද?

ඇදෙන් නැගිට්ටේ දෙව් පොඩ්ඩක් එහා මෙහා වෙනකල් ඉදලා. මගෙ ඔලුව කොච්චරවත් කම්මලක් වගෙ. හරි නම් අද රෑ මට ඒවා අහන්නෙ නැතුව ඉන්න තිබ්බා. දෙව්ගෙ ෆෝන් එකයි earbuds දෙකයි අරන් මම කොරිඩෝ එකට ගියෙ තවත් මගෙ සිතුවිලි මට වදයක් වෙන නිසාමයි. හිගන්නගෙ තුවාලෙ දන්නවද ඒක නිතරම ඌ පාර ගන්නවා. මොකද ඉන්කම් එක තියෙන්නෙ එතන නිසා. එත් මගෙ තුවාල පෑරෙන්නවත් සනීප වෙලා නෑ... මට සක්විති අක්කට කරපු දේ මතක් වෙන පාරක් ගානට මැරෙන්න හිතෙනවා. එක බත් පත කාගෙන මම ඌ එක්ක හැම බලු වැඩේම කරා. එත් ඌ මට දුන්න තෑග්ග අක්කගෙ ජිවිතේ එක්ක ලොකු සෙල්ලමක්. මම කා එක්කවත් තරහා වෙන්න ඕනේද??? ඇයි නැත්තෙ මේ පළවෙනි පාර නෙවේ ටකා, ටොපා, දෙව්ට වෙච්ච දේ වගෙම හැමදේම මට හංගනවා නිතරම. ඌන් දන්නවා ඒ මගෙ පණ කියලා. ඒ වෙලත් ඇයි එහෙම කරේ...

මම ආයෙත් බැලුවා අක්කට අරු කරන දේ... අක්කගෙ අඩන ඇස්... වැලපෙන විදිය, අයදින විදිය දරාගන්න බෑ... මම සතුටින් ඉන්නෙ කොහොමද දෙයියනේ ඒ මගෙ අක්කා නෙවේ අම්මා... මගෙ ජිවිතේ මම ගරු කරන පළවෙනි ගෑනි ජිවත් වෙලා ඉන්න.

"ඇයි අම්මේ මිනිස්සු මාත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නෙ... මට දැනෙන හැගීම දරාගන්න බෑ අම්මේ... ඔයාව බදාගන්න හිතෙනවා ඇවිත්. තාත්තා හැමෝටම කියලා ගමන් යනවා එත් මාව තහනම් කාසියක් කරගන්නවා, මගෙම වටේ ඉන්න යාලුවෝ මට නොකියා ඌන් මගෙ දේවල් බලාගන්නවා, මන් ආදරේ කරන කෙනා මාව බලාගන්නවා... ඇයි අම්මේ මාව නිකන් අදෘශ්‍යමාන  ගානට දාන්නෙ මෙයාලා. අම්මා හිටියත් මට එහෙම කරනවද?" මම අහසෙ තරුවට කියනවා එයා දැන් අහන් ඉන්නවද දන්නෙ නෑ. එයාටත් මාව එපා වෙලා නම්... මගෙ ඇස් වල කදුලු. තාම ඇහෙන අක්කගෙ විලාපේ එක්ක මට දැනුනේ ලෝකෙම කඩන් යන ෆීලින් එකක්

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now