53-

787 165 38
                                    

"උඹ කොහොමද එහෙම කියන්නෙ."
"මලිත් බං මටත් කිව්වේ."
"කෝ මලිත් දැන්... මේ දේ ඉක්මනින් විසද ගන්න වෙනවා." නැත්තම් යකෝ මූන් හවුලේ පවුල් කාලාද? වමාරලද? නැත්තම් මොන වගෙ දෙයක්ද? හැබැයි එදා මාව ඉස්සුව දවසෙ අර අවජාතකයා විරාජිනිට බය වුනා. එතකොට මේවා දෙව් දන්නවද? එතකොට කැටගොඩ දෙව්ට එහෙම සැලකුවේ ඇයි? මහා ගොඩාක් ප්‍රශ්න මගෙ ඔලුවේ. මොන විකාර සෙල්ලමක්ද මූන් මේ නටන්නෙ. යකෝ මමත් ඉදලා ඉදලා කර ගහලා තියෙන්නෙ මරු එකෙක්ටනෙ. ඌගෙ මුලේ ඉදන්ම වෛරස්.

"උඹ මොනවද බං කල්පනා කරන්නෙ."
"දැන් උඹට ඔය දේයි කල්පනා කරන්න දෙයක් නැද්ද?"
"උඹට හිතෙන් නැද්ද? මේ ඔක්කොම දේවල් ඇටයා වටා වෙන්න නම් මොකක් හරි තියෙනවා කියලා. මම හොයාගත්ත විදියට ඇටයගෙ තාත්තා අනාථ නිවාසෙක තමයි හැදිලා තියෙන්නෙ. රට ජෝඩුවක් එයාව හදාගන්න අරන්."
"රට ජෝඩුවක්... කොහෙද?"
"ස්විස්සලන්ඩ්..."
"මොකක්... ස්විස්ලන්ට්... හොදටම ශුවර්ද?"
"ඔව් බං... රට කපල් එකක් තමයි රෙජිස්ටර් කරලා තියෙන්නෙ. ඒ කාලෙ එහෙමට නීති තිබිලා නෑ ලමයි හදාගන්න ගත්ත. ඒ කපල් එකෙ මොකක් හරි අවුලක් තිබිලා තියෙනවා. ඌන් හැම නිවාසෙන්ම ලමයි අරන්. එත් පස්සෙ කියන්නෙ ඒ ලමයි පැනලා ගියා හරි මොකක් හරි එකක්."
"සිරාවට... එහෙනම් මෙතන මොකක් හරි අවුලක් නැත්තෙම නෑ. උඹට හොස්ටල් එකට යන්න බෑනේ දැන්. අර ඇදෙන් නිදාගනින්. අපි හෙට උදේට මලිත් හම්බවෙන්න යමු."

මම එහෙම කියලා උඩට ආවා. කොච්චර මම මගෙ හිත හදාගත්තත් මම ඩයල් කරේ දෙව්ගෙ නම්බර් එක. මට එයා නැතුව පාළුයි.

මම ෆෝන් එක දිහා බලන් ඉදලා ඉදලා ෆෝන් එක ඕෆ් කරලා නිදාගත්තා. ඕනේ බම්බුවක් නටාගන්න ඇතැයි....

"ආෂ්... නැගිටින්න.... අපි කතා කරන්න ඕනේ." නින්දේ හිටිය මගෙ ඇස් ඇරුනේ  දෙව්ගෙ කට හඩින්. එත් මම ගනන් ගත්තෙ නෑ... මගෙ හිත මෙච්චර රිදිලා එත් එයා මට කතා කරන්නෙ මම වැරදි වගෙ.

"ආෂ් මම කිව්වා නැගිටින්න කියලා."
"මොකටද?"
"අපි කතා කරන්න ඕනෙ."
"මට කතා කරන්න දෙයක් නෑ."
"තමුසෙ පිස්සෙක්..." මගෙ ඇගෙ තිබ්බ රෙද්ද දෙව් ඇදලා බිමට දැන්මාම මට ආවේ සීතලක්. ඒ වගෙම මම නැගිටලා බලද්දී දෙව් ඉන්නවා වතුර බේරෙන ගමන්. එළියෙ හොදටම වහිනවා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now