75-

677 159 61
                                    

"උඹ දැන් මොකක්ද ඊලගට කරන්න ඉන්නෙ... මනෝ මට තේරෙන්නෙ නෑ බං."
"උඹට තේරෙයිද මට නොතේරෙන කොට..."
"අරු දැන් මොකද කියන්නෙ."
"ඔක්කොම බාගෙට දැනගෙන කෑ ගහලා යන්න ගියා. මම හිතුවා හරි ඌ මගෙ පස්සෙන් ආවා. ඉතින් මම පරිස්සම් වුනා වැඩි. ඒ නිසාම තමයි ඔය ඔක්කොම වැරදියට අරන් නටන්නෙ."
"ඌ සාධාරණයි බං. ඌ කොච්චර දුකක් වින්දද කියලා දුර හිටපු මට තේරුනා."

"ළඟ හිටපු උඹ දැක්කෙ නැද්ද මගෙ දුක... නිතරම මාව දාන්නෙ ටෝයි එකක් විදියට ඌ දැන්..."
"උඹ කේන්තියෙන්"
"ඔව්... ඌ වනීෂ් එක්ක එදා අර මගුලේ හෑවේ නැත්තම් මේ මුකුත් වෙන්නෙ නෑ.. වටේම වල් ජරාව පිරිලා. ඌගෙ ඔලුවත් දැන් ජරා වෙලා.."
"ඕක ඇති. දැන් ගිහින් නිදාගනින්."
"ඇති ඇති කියන්නෙ කොහොමද බං... මෙච්චර කාලයක් ගෙවුනා මම සතුටු වෙන්නද? අද මම දුක් වෙන්නද? හිතාගන්න බැරුව ඉන්නෙ.."
"ම්ම්ම්... මට පෙන්නෙ රණ්ඩුවට එහා දේකුත් වෙලා වගෙනෙ..."
"උඹට මොකටද ඒ මගුල්... මට හොයලා දීපම් දෙව්ට වෙන එෆේයා එකක් තියෙන්වද කියලා..." මම දන්නවා එක එහෙම නෑ කියලා. එත් දෙව් කන්ෆිඩන්ස් පිට කිව්වා වෙන කෙනෙක්ව බලනවා කියලා. ඒ නිසාම තමයි මට සැකේ ආවේ

"ඌ මිනිහෙක් දැක්කාම කතා නොකර දුම්මල ගැහුවා වගෙ යනවා. මොන ලව්ද බං. ඌ එක්ක සෙට් වෙන්න තෝ වගෙ මනෝ විකාරයකට විතරයි පුලුවන්"

එකෙත් ඇත්තක් නැත්තෙම නෑ හැබැයි. මම වගෙ එකෙක් ඇරෙන්න ඒ සෝඩා බෝතලේ මූඩිය අරින්න කොයි කවුරුත් බයයි.

"හරි ඒවා අමතක කරපන්. පෑලෑන් ඔක්කොම ඉක්මන් කරපන් වනීශ්ට නැගිටලා ඉන්න දෙන්න බෑ... හෙටම වැඩේ පටන් ගමු. උඹ දැන් ගෙස්ට් රූම් එකෙ නිදාගනින්..." මම කියලා යන්න හැදුවා.

"මෙච්චර වැරදි වැටහීම් තියාගෙන ඇටයා මේක දැක්කොත් තවත් ඔලුව කුණුවල් කරගනි මනෝ. මම ගෙදර ගිහින් උදේට එන්නම්."
"ඌ ගැන නොහිතා ඉදපන්."
"අනේ ඉතින් දැන් උඹ නොහිතාමනෙ ඇත්තේ. මම යනවා"

ටොපාව නවත්තන්න මට කතා කරගන්න බැරි වුනා. දොර ලොක් වෙන සද්දේ එක්ක මම ලොකු හුස්මක් ගත්තා.

'හරි එහෙනම් මල්ලි උඹ එහෙම නම් මමත් එහෙමයි... උඹ තාම දන්නෙ නෑ මේ ආෂ් කොහොමද කියලා අයිතිය ගන්නෙ...'

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now