The Promise Of Love❤️💚

108 14 4
                                    

                       02 🥀

ඉස්කෝලේ ඇරිල කෙලින්ම ආවෙ කනත්ත ට වෙච්චි කොට සතියකින් එනව කියපු මගේ බටු ඇටේ එනකං මං බලන් හිටියා . ඒත් එයා ආවෙ නැ..
ගෙදර යන ගමන් අප්පච්චි එක්ක ගාටපු මං කථා කරෙත් ඒ ගැනමයි.බටු ඇටේ දැන් වලව්වේ නැහැයි කියන්නේ, එයාව මාතලේ නවත්තලාලු. ආය කාලෙකට වත් මට එයාව දකින්ට වෙන එකක් නෑ.

කනත්ත රස්සාවෙන් අයින් වෙලා වලව්වේ මහත්තයා පංගාර්තු කොරපු වැඩේට අප්පච්චි මාතර ගියේ උදේ ඉදන් හවස් වෙනකං වැඩ තිබුණු නිසා වෙද්දි අප්පච්චි ඒ කලෙ ඇතුළෙම කරේ ලියන මහත්තයෙක්ගේ ඩ්‍රයිවර් උන එක.

පොඩි පොඩි හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන ගියේ අප්පච්චි කර කර හිටපු රස්සාව ට සමු දීලා වලව්වේ ඩ්‍රයිවර් වෙද්දි මමත් නිතරම නැතත් එහේ ගිහින් වැඩක් පලක් කරල දෙන්ට පුරුදු වෙලා හිටියා. මගේ අතින් කර එකම කාර්ය උනේම වලව් මහත්තයා ගේ පුස්තකාලය පිරිසිදු කිරීම  කැමැත්තෙන් ම බාර අරන් කෙරුව නිසා .මගේ බටු ඇටේ නම් ඒ ආව ගිය කාලය තුළ නාවත් මමත් කාලයක් අරන් හිත හදාගන්ට ඉටා ගත්තා .
සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත් වීමෙන් පසු මාතර නගරයේ ප්‍රසිද්ධ  පිරිමි පාසලකට ඇතුළු වීමේ භග්‍යද උදාවුණේ ද ඒ කාලය තුළයි.  

මේ වෙද්දී මගේ බටු ඇටේ නොදැක අවුරුදු දෙකකුත්  ගතවෙලා ඇතත්   ඒ ගැන තිබුණු හැගීම නොවෙනස්ව පැවතුනේ  කොපමණ වාරයක් පාසාම අමතක කරන්න උත්සාහ කරත් එය හැම විටම අසාර්ථක වීමයි .භාහිර පංති වල  පිරිමි ළමයි ගැහැණු ළමයි අහුමුළු අල්ලන් ආදරේ කරද්දී මං කරේ අතීත මතක අතර අතරමං වෙච්ච එක විතරයි. සාගරී , චාරුනී, මිතිලා ..කාලෙන් කාලෙට පස්සෙන් ආපු කෙල්ලො වෙද්දි උන් එකෙකුට වත් හිත නොගියපු මට උන් කිව්වෙ  මහ අමුතු කථා. හිමිවෙයි කියලවත් නොහිතෙද්දි මගේ ඒකපාර්ශික ප්‍රේමය වෙච්ච බටු ඇටේ හිත ඇතුළෙම නවත්තල ඉගෙනීමට මුල් තැන දුන්නේ අප්පච්චි ගෙයි මගෙයි දිළිඳු කම නැති කරන්න තියෙන එකම සාධකය එය වූ නිසා .

-----------------------------

මිගදායෙ පංති ඉවර වෙලා හවස ගෙදර එද්දී අප්පච්චි ඉස්තෝප්පුවට වෙලා කල්පනාවක . අතේ ලියුම් කවරෙකුත් එක්ක සුදු පාට කොළයක් තිබ්බ වගේම බිම තවත් එකක් වැටිල තිබ්බා. කඩුල්ල පැනල අප්පච්චි ට ළං වෙද්දී එයා කරේ  කළබලෙන් වගෙ නැගිටල මට පිටුපාපු එක වෙද්දි පළවෙනි වාතාවට අප්පච්චි කුමක් හෝ දෙයක් සගවන බව මට තේරුම් ගියා.

The Promise Of Love❤️💚 Hikayelerin yaşadığı yer. Şimdi keşfedin