The Promise Of Love❤️💚

97 12 0
                                    

" බෝසර .., මං බය නෑ.....ඔයා බයද?  බය නම් අත ගන්නං ඉන්⁣ට " කියද්දි  එයා මං  ගන්ට හදන අත ඇදලා අතින් තද කරගත්තෙ පපුව ට . මං එයා දිහා බලං හිටියා . එයාගෙ ඇස් කළබල වෙලා . රතු තොල් වෙව්ලනව වගේම වේගෙන් හුස්ම ගන්නව...මොකෑ ඒ.....හරිනේ! මගේ හිතත් ඩාං ඩාං ගානව වෙද්දී මාත් කලබල උනා එයාට ඒක ඇහේ වත්දෝ කියලා .... මොකද එයා එයාගෙ කරවටේ තිබ්බ මගෙ අත අතින් ඇද්ද නිසා මාත් ඇදිල එයා පැත්තට ආවා. මගේ මූණ එයා ළගම තියෙද්දි එයා එළිය බලාගෙන හිටියේ කලින් වගේම උනත් එකසැරේම එයත් මගේ පැත්තට හැරුනාම ඒ ඇස් ඇවිත්  නතර උනේ මගෙ ඇස්වල . අහක් කරන්ට හිතෙන් නැති එයාගෙ ඇස් වල මායාවක මං හිර උනා වගෙයි මට දැණුනේ එදා වගේම . ඉතිං ! මට ඉවසන්ට බැරිවුණා .   මගේ ඇස් ඒ මූණ පුරාම  ගියා. ඒ පිම්බුණු කම්ඹුල් ...රතු තොල් මට අල්ලලා බලන්ට  ආස හිතුණා .මං එහෙම්ම  ඒ කම්ඹුලට පාත් උනාම එයා අහකට උනා.
එයා මායාවක් ම තමයි .කොච්චර ළඟින් හිටියත් මට එයාට ළං වෙන්ට බැරි විදිහට එයා උඩවැඩියා මලක් ම උනා.

උදේ කන්ට බස් එක නවත්තද්දි බාලිකාවෙන් ආපු අය ටිකක් එහාට වෙන්ට නවත්තල තිබ්බ වගේම එයාල අ⁣පි ඉන්න තැනටත් ඇවිත් කෝලං කරන්ට පටන් ගත්තා . අපිත් අතැරියෙ නැ .. කවුද අනෙ අකමැති කෙල්ලො ගොඩක් ළඟ ඉන්ට. ආපු කෙල්ලො අපිට කන්ට කථා කරද්දී ඇඹලයො වගෙ මගෙ වටේ ඉදපු කෑඹලයෝ ටික උන් දිහා ට ඇදිල ගියා .

"  ඇයි නැවතුනේ?? දාපු සිරික්කිය ට පස්සෙන් යන්න එපාය...එයාල ඔයාලටත් එක්ක ලු කෑම ගෙනත් තියෙන්නේ ....... අපරාදේ ! "

ඉදා! මේකාගෙ ඉරිසියාව බලකෝ..

" මං මොටෝ යන්නෙ ? මෙන්න මෙහාට දෙනව ඕක බඩකිනි " එහෙම කියං මං ඈදි ගත්තේ බස් එකේ පඩියක් උඩ.

"අනේ අම්මාපල්ලා ඇටිකිච්චො ... , කාටතෑ ඔයි රවන්නෙ?

"ඔයාට"

"ඒ අහවල් කාරියකට ද"

"අර කොණ්ඩෙ දිග එකී.. කෙස් කෑලි ඇගිල්ලෙ ඔත ඔත ඔයා දිහා බලපු හැටි ..එතෝට අර ක්‍ර්රේල් කොණ්ඩකාරී  බලාගෙන හිටපු බැලිල්ල...එයාල මායම් දානවා මෙයාල අහුවෙනව යසයි නේහ්! "

"මං දැක්කෙ නෑ නොවෑ..මහ අපරාදයක් නෙහ්! මේ කෙල්ලන්ගෙ විගඩං ටික බලන්ට උනේ නැති හැටි"

The Promise Of Love❤️💚 Where stories live. Discover now