The Promise Of Love❤️💚

30 5 4
                                    

වර්ථමානය 🌻

Bo pov 🥀

වෙන දවසක යමුයි කීව අයියා වැඩිය පරක්කු කලෙත් නැ හසිතව බලන්න යන්න. උදේම නාලා කාල ලේස්ති වෙලා මාකට් ගිහින් එද්දිත් මං නිදාගෙන උන්නෙ. බෑනේ කරන්න ඉතිං කතා කරල වැඩක් නැ.. එයා එක්ක බැ වේලාසන බුදියන්නවත් නැගිටින්න වත්..



කාරය දෙව්න්දර පාස් කරන් ඉස්සරහට
ඇදෙද්දි එයා යන්නෙ කොහෙද කියලා මට තේරුණා.


"හසිත තාම ගෙදර ද ශාන් අයියෙ?"


"හ්ම්! ඌ බැදලා"



" නෑ..කවුද? මෙ අපේ අ..



"නැ නැ..උගෙ නෑනා පොඩ්ඩව...ගෙදරින් කියලලු නෙ"



"අහ්හ්!!"



"හ්ම්ම්! ළමයි නං නෑ'යි කියන්නේ .."



"එතකොට අබේ අයියා කොහේ?"



"ඌ ගැන ආරංචිය ක් ලැබුණා ඇත්ත ද බොරු ද බලන්ට තමයි යන්නෙ"



"එයත් මැරි කරලද?"



"නැ..මහණ වෙලා!"




"ඇ..එකපාරටම...එහෙම දෙයක් "



"මන්දා බටු ඇටේ...ඕකා මං හිරෙ ඉද්දි බලන්ටත් ආවා..පස්සෙ පහු වෙද්දිම ආවෙත් නැ .. උසාවි එනව කියලා සමරෙ අයියට කිව්වලු ඒත් ඇවිල්ල හිටියෙත් නැ.."


"සමරෙ අයියා ...
දැන් මොනවද කරන්නෙ"



"සමරෙ අයියා ................කාන්ති අක්කව මතකද..අර හන්දියේ සිල්ලර කඩ කෑල්ලක් දාං උන්නෙ ..අපි  මාළු ටැංකිය ක් බලන්ටත් ගිය දවසෙ එහෙත් ගියේ.."


"ම්න්.. මතකයි.අලුතින් දැව කියලා නවී අයියා කීවෙ යන්නත් කියලා "



"ආං හරි..එයාව බැදල දැන් ළමයිනුත් ඉන්නවලු දෙන්නෙක්ම..නිවුන්නු කියන්නේ .. "


"ඇත්තට? ශෝක් නෙ...දෙවර්ගෙන්ද? අපි එයාලව බලන්න යං..."


යමු..අද නෙවෙයි හොදේ..


"එතකොට අමල් එහෙම...


"ඌ සමරෙ අයියා ළග හැදෙනවලු... ලෝක අණ්ඩපාලයලු හහ්!!!"


"අම්මෝ! ඒ ගැන නම් කතා කරල වැඩක් නැ..ම⁣ට මතකයි ඒ කාලෙ ඔයා ගැන කියෝපුවා..ඌ හිතන් හිටියේ ඌ කියන බොරු මං ඇත්ත කියලා පිළිගත්තා කියලා .."

You've reached the end of published parts.

⏰ Last updated: Apr 01 ⏰

Add this story to your Library to get notified about new parts!

The Promise Of Love❤️💚 Where stories live. Discover now