The Promise Of Love❤️💚

78 11 0
                                    


වලව් පාරට ඉස්සරහ තාර දාපු මහපාර තිබුණත් කඩතොළු පිරුණු කලු ගල් කෑලි වලට පයින් ගගහ යන පුරුද්ද  මං බොහොම අමාරුවෙන් වළක්ව ගත්තා.පාර අහලක  එක ගෙයක්වත් නොතිබුණා වගේම ඇළ කණ්ඩිය අයිනෙම තිබුණු බංටෙක උඩ ඈදි ගත්තේ වගීශයයි මායි අතර තිබ්බ සීතල යුද්ධය මතක්වෙලා . මට හොද ට මතකයි ලස්සනට ගෙවුණු ජීවිතේ යනඑනමං නැති ව ගෙවන්ට උනේ ඌ නිසාම වෙද්දී ඌ ඒකට කීව්වෙ,     
'මං  මේ ඔක්කොම කරේ ඔයාට තීන ආදරේ නිසා ...'   කියලා ,

ආදරේ ...  අනෙ උගෙ පකේ ආදරේ!



එදා ඉංග්‍රීසි පංති ඉවරවෙලා වගීශයා එක්ක වලියකට යන්ට ඔන්න මෙන්ට තියලා මං දිලීපයගෙ මදුරුව ඉල්ලං බෝසරවත් දාං අපේ අහා එක්කොරං ගියේ මට බය හිතුණා වලව්වේ මහත්තයා බෝසර ට ගහයි කියලා උනත් ඇත්තටම ඒකමත් නෙවෙ ඇත්තම කාරණාවත් උනේ..... මට ආස හිතුණා බෝසර ගාව ඉන්ට.මට එයා දකිද්දි හැගීම් වලින් පවා වල්මත් වෙලා වගෙ දැනුනේ.
මං එයාට වහ වැටිලා වගෙ.. ළඟ ඉන්ට ලැබෙන හැම අවස්ථාවම එයා ළඟ රැදෙන්ටත් ලෝභ වෙන්ටත් මහ පුදුම ආසාවක් තිබ්බා..ඒක ආසාවද ආදරේ ද.......................? නැ මං එයාට ආදරෙයි  එච්චරයි .


එදා රෑ වෙලා එයාව වලව්වට එක්කරං යන්නං කියපු මං.. යන ගමන පවා පරක්කු කර කර හිටියේ ඇත්තටම මට මගෙ බටු ඇටේ ව යවන්ට ඕන කමක් නැති  උනු නිසා . ඒක අහිංසක සිතිවිල්ලක්....බාගවිට එයාටත් එහෙම හිතුනද දන්නැ



මගෙ අතින් බත් කාපු එයා ඉස්සරහ ඇදේ නිදියද්දි අප්පච්චි යි වගීශයි එයාව ඇරන් යන්ට ඇවිත් තිබ්බා. මට වෙලාවකට හිතෙනවා මගෙ බටු ඇටේ අපි දෙන්න අතර කොච්චර දුකක් විදින්ට ඇද්ද කියලා .......පව් මගෙ පොඩි එකා..මෙ සේරෝම මගෙ වැරදි



උඩවැඩියා  මලකට පෙම් බැන්ද එක වැරදි ද ?


උඩවැඩියා  මලකට පෙම් බැන්ද එක වැරදි ද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Promise Of Love❤️💚 Where stories live. Discover now