The Promise Of Love❤️💚

72 12 0
                                    


හිතන තරන් ලේසි පාසු නෑ වගේ පුත්තරයා. මොටෝ බැලුවොත් ඇත්නං අහක බලාගෙනම වගේ වගක් නැතුව ඉද්දි මං පොත් කියවිල්ල ත් පැත්තකට දාල එයා ළඟ ට ගියා. තරහ වෙලා ඉන්ට බෑ නොවෑ .. මං ඒකාට හරි ආදරේ නෙ.

ගියත් මං කවිච්චියේ නැති ව  බිම ඈදි ගත්තා ම මෙච්චර වෙලා අහක බලං හිටපු බටු ඇටේ ඇස් දෙකත් ලොකු කරන් බලං හිටියා විතරක් නෙවෙ ,

"මෙහෙන් වාඩි වෙන්න මගේ ළගින් "කියල කීවම මට ඒ අහිංසක හිත ට ලෝභ හිතුණා . අපිට කොයින්දෝ එච්චරට පිනක්..වලව් මහත්තයා ගේ කරුනාවට පිංසිද්ද වෙන්ට මෙහෙමවත් ඉන්ට දීම ඇරුනම බෝසර ගෙයි මගෙයි පලහිලව්ව දැනගත්තහාම වෙන දෙ ගැන මට හිතාගන්ටත් බැරිවුණා.

මං එයා ළගට නොගියට බෝසර ඇවිල්ලා මං ළගම ඈදි ගත්තා ම මං එයා දිහා බලං හිටියේ ඩග් ඩග් ගාන හිත ත් එක්ක ම. මොටෝ මං ඉස්සර වෙන්ට ගොහින් යක් පැටියා කෙළලා ඇරියොත් එහෙම..
ඇවිස්සුනු හැගීම් එන්ට එන්ට වැඩි වෙද්දී මං කරේ නිහඩවම එයා දිහා බලං හිටපු එක උනත් මට හිත කිව්වේම, ඉබින්නමයි ඕනෙ කියලා වෙද්දි මං ගත්තු හුස්ම පවා හුඟක් වේගවත් උනා. වටපිටේ ට ඇහැක් දාල හතර අතම බලලා කව්රුත් නැ කියලා තහවුරු කරගෙන එයා දිහා ට හැරිල එයාගෙ කලව උඩින් ඔලුව තියාගෙන කමීසෙ උස්සලා ඒ චූටි බංඩියට හාද්දක් තිව්වා. හ්ම්! එයා ගැස්සුනා නේන්නන් . ඒත් එපා කීවේ නැ .හැබැයි ඒ මූණ ලජ්ජාවෙන් රතුවෙලා තිබ්බා.මං ආය පාරක් එහෙම නොකර නැගිටිද්දි බටු ඇටේගෙ මූණ දෙක වෙලා තිබ්බ ත් මට ආපු හිනාව කාගෙන හිටගත්තත් එයා තාම බිම.

" බෝසර .. අප්පච්චිල එයි දැන් "

"ඉත්තිං"

"මං පුස්තකාල කාමරේ ට යනවා ඔයා එන්ට එපා මං එතන අස් කරනව"

"..............අප්පච්චි එපා කිව්වත් එක්ක මෙයාට ඒව මතක නැ.......මං ළඟ ඉන්නවාට අකමැති නම් මං එන්නෙ නෑ හැබැයි අද දවස ඉවර වෙන්න කළියෙන්  මගේ දේ මට ඕන..ඔන්න කිවිවා ⁣හරිද"

සීවරං දෙයියනේ!! බටු ඇටයා ගස්සගෙන නේද ඒ ගියේ.. කොහොම තේරුන් කරන්ටද....⁣ඔයා ළග මට සිල් රකින්ට බැරි විත්තිය.

---------------------------------

රෑ වෙනකං මගෑර මගෑර ඉඳලා බෝසර දැක්කත් ඇති ඇහැරිලා එන්ට දගලන මගේ යට සාමාජිකයට මං දෙතුන් පාරක් තට්ටු කරේ නොකර බැරිකමට උනත් වැඩේ හරියන්නැති නිසා මං ලයින් කාමර වගේ හදාපු කක්කුස්සිය පැත්තට ගියා . වැඩකරන අයටම හදාපු කක්කුස්සි පේළිය ඉතා පිරිසිදුව තිබ්බ වගේම මෙතනින් එහාට වෙන්ට හිටියේ දෙමළ මිනිස්සු  උනා. බාගවිට මේ කක්කුස්සි සෝදන්නෙ කරන්නෙ උන් වෙන්ටැති.

The Promise Of Love❤️💚 Where stories live. Discover now