The Promise Of Love❤️💚

82 13 1
                                    

එදා දවසත් වලව්වේ මහත්තයා පන්සලට ගොහින් ඉද්දි අපි කරේ කාමරේ පාඩං වැඩ කරපු එක. තනියම ඉන්ට කාල වේලාවක් අහම්බෙන් හෝ ලැබුණාම එතන ඉදං ගතවෙන්නෙ අපේ උවමනාවට අනුව වැඩ වගේම අපේ එකම දුර්වලකම ඒ හැම දේකින්ම සීමාව පන්නන්ට උත්සාහ දැරීමයි. 



"ගියා..ගියා ....ශාන් අයියෙ ..අප්පච්චි ගියා ...."

ලිය ලිය උන්නු සටහන් පොත ත් දිගෑරල දාලා ජනෙල් පියන ඇරල  එළිය  බලං ඉන්න බෝසර දිහා මං බලං හිටියා. පුදුම හදිස්සියක් නෙ මේකාට තියෙන්නේ ..

ඇට්ටරයා මහ හ්ම් !

වලව්වේ කාරෙක වත්තෙන් පාරට දාද්දි විසාල ගේට්ටුව කිරි කිරි ගාලා වහන සද්දෙ ඇහුනම ජනේලෙ ළඟ උන්නු මගේ බටු ඇටයා ඇවිත් පුටුවෙ වාඩිවෙලා උන්නු මං ළගට පැනලා කලව උඩින් වාඩිවුනේ මගේ උරහිස් දෙකට අත් තියං. ඒ ඇස් මොනවද ඉල්ලනව වගේම මටත් ඒ බෝල ඇස් බලාගෙන සිල් ගන්ට බැරිවුණා.එහෙම්ම ඒ වතට පාත්වෙලා අස්සක් මුල්ලක් නෑරෝම ඉඹගෙන ඉඹගෙන ගියේ ලා රත්පාට තොල් අල්ලන් උරමින්.
තවදුරටත් හිත ට දාපු වැට කඩොලු බිදගෙන මං නිසා එයාගෙ ශර්ට් එකේ බොත්තම් ගැලවෙද්දි දෙපැත්තෙන් තිබුනු ලා දුඹුරු ගම්මිරිස් ඇට දෙක හරි ලස්සනට උල්වෙලා තිබුණා. බැහැ! දැක දැක මට ඉවසන්ට කොහොමත් බැහැ..මං එයාව විදිද්දී   බටු ඇටේගේ කෙදිරිළි හඩට රසගත් ඇහැරන් එයාව ඉල්ලද්දි මං අත එතන තදකරල  හැගීම් නවත්තන්ට උත්සාහ කළත් , '''කරා°°ස්''' ගාන සද්දෙත් එක්ක ජනේලෙ ඇරිලා දෙපසට ගියා වගේම එතන ඉදල කව්රුහරි දිව්වා. හිත ඩග්' ඩග් ගාලා ගැහෙද්දි මං බෝසර ව මේසේ උඩින් ඈදි කරෝලා ජනෙලය ළගට ගොහින් බැලුවත් කිසිකෙනෙක් හිටියේ නැ වගේම මගෙ හිතේ ඇදුනු මායාවක් කියලා එවෙලෙ මං හිතා ගත්තට යටි හිත කීවේම කව්රුහරි අපිව දැක්ක කියලමයි. මේසේ උඩ හිටපු මගෙ බටු ඇටේත් බය වෙලා ශර්ට් එක අත් දෙකින්ම මිරිකං ඉද්දි " නෑ නෑ ඒ හුළගට " කියලා ඒ හිත  සැනසුවත් මගෙ හිතේ හොල්මන් කරේම ආපු කෙනා කොයි වෙලාවෙ ඉදන් හිටියා ද යන්නයි.

හරිනෙ ඔයි කරගත්තෙ හිච්චියෝ!

වෙච්චි දේ එක්ක බයවුනු පාරට අපි අතර මුකුත් උන්නෑ වගේ සලකල මගින් නතර කෙරුනු පාඩම පටන් ගනිද්දිත් මං යටැසින් බෝසර දිහා ත් බැලුවෙ එයා කොහොම මේක ගැන හිතනවද කියලා උනත් එයා හිටියේ මුකුත් නොවුණු ගානට වෙද්දී මට නොඅසාම බැරිවුණු කාරණාව මං එයාගෙ න් ඇහුවෙ ඉවසල බැරිම තැන.

The Promise Of Love❤️💚 Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα