The Promise Of Love❤️💚

83 11 0
                                    

ඒ අස්සෙ ⁣කලින් කතා කරපු කොල්ලා අහනව මට පනස්ගාණක් තියෙන්නෙ කොහොමද කියලා .. තියෙන්නේ ඉතිං මං ⁣පොතක් ඇල්ලුවෙ නැති නිසා නෙ...
පන්සල තමයි ඉතිං...
එක බොරුව ක් කීවා කියලා... පව් නැනේ..ඊලග පාර අරකිට වැඩිය අරන් පෙන්නන්නන් කෝ.

" මං ..ලෙඩ උනානේ"

"ඉතිං බෙහෙත් ගත්තේ නැද්ද "

"තාම නැ"

"ම්..අද.. නං..........හන්දියේ ඩිස්පැන්සරිය ඇරල..සයිකලෙත් තියෙන නිසා .. යන්ටෑකි මාත් එක්ක .."


"නෑ නෑ...එයා යන්නෙ මාත් එක්ක ..ඔය දරැව යන්ට ගෙදර "


ශාන් අයියා ..ඒ එයා. පංතියෙත් රවලා මදිවෙලාද කොහෙද මෙතන්ටත් ඇවිත් රවනවා..ඒ අස්සෙ නැවතිල උන්නු දෙන්නත් අතවනාගෙන යනව කියද්දී මං ඔලුව විතරක් හෙලෙව්වා මොකද අත උස්සන්න බය උනා. වෙන මුකුත් නෙවෙ " අත වනපං බලන්ට " කියලා එයා කියු නිසා.  හරි නපුරුයි ඔයා.

" ලෙඩනං බෙහෙත් ගන්නැතිව මොන කෙහෙල්මලකටද පංති ආවෙ?"

" ලෙඩ කීවේ බොරුව ට "

"එහෙනං කොහොමද ලකුණු අඩු උනේ"

" මං වැඩිය පාඩම් කරේ නැ.."

" ඇයි ?.. වගීශයා ඉන්න දෙන්නෙ නැද්ද "

"එහෙම එකක් නැ එයා එයාගෙ පාඩුවෙ .."

" එහෙනං කියනව මොකද අද අඩුු?"

"සතියකට එක වතාවද පුළුවන් මට ඔයාව දකින්න "

" ඔයා දන්නවා නෙ බබා ...අරැ ඉද්දි මට එන්ට හිතෙන්නේ නැ .......යන්නෙත් නැනේ පකයා"

" එයා යන්නෙ මාව ත් ඇරන් .. විබාගෙ ලියනකන් ඉන්නේ ඔය "

" එහෙම කොහොමද ඔයා යන්නෙ??? මාව දාලා?? මේ බෝසර ..යන්ට හිතන්නවත් එපා හොද ද..ආපු අතක් බලාගෙන ඌට යන්ට කියන් නැති ව ඌ කරන හැම මගුල ම කරන්ට ලෑස්ති වෙන්ටත් එපා..',
            තව දෙයක් .. මොකා එක්කවත් වැඩි බජනයක් ඕං නෑනේ ..ගානට ඉන්නවා ..පෑන් නැත්නං මගෙන් ඉල්ලනවා... මොටද එකා එකාගෙන්..අනික නෑ ඕං නෑ..හ්හ් රෙද්ද !"

"ඉත්තිං ඔයා ශාන් අයියෙ මගෙ දිහා එකපාරක් වත් බැලුව ද...ආා..............ආ වෙලාවෙ ඉදන් රැප සුන්දරී ගෙ වටේ ..මාව පෙනුන්නැනේ ම්හුක් !..මං ළඟ ඉන්න එකාගෙන් ඉල්ල ගත්තේ පෑනක් විතරයි ..හිත ඉල්ලුවෙ නෑ"

The Promise Of Love❤️💚 Where stories live. Discover now