මගේ ගෙදර තරම් හිත නිවන තවත් තැන ක් තියෙනව නම් ඒ මගේ ශාන් අයියා ළඟ විතරයි . හෙට ඉඳලා මං එයා එක්ක ගෙවන ජීවිතේ අලුත් පිටුවක් වෙයි.සතුටුයි! ඔව් මට ගොඩක් සතුටුයි.
ඇදිවත උනා දාල වොශ් රුම් එකේ ශවර් එක ඇරගන්න ගමන් මට සිංදුවකුත් කියවුනා.. ඔව් ඒ එදා ශාන් අයියා මට ආදරෙයි නොකියා කියපු පළවෙනි දවස.මල් පෙරහැර එන්නා සේ හිදිමී
ඔබ මහදපුරා ඇවිදින සුව විදිමී
ගැල් පෙරහැර යන්නා සේ හිදිමී
ඔබ අහකබලා ගියපසු දුක් විදිමී
ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යළි හිත හදාගමී
සදහට පතා එමී
හඹා එමී සදා ඔබම පතමී...සිංදුව ත් එක්කම මට හිනාගියෙ පරණ මතක සුවදක් ආයෙම ඇවිත් අලුත් කරපු නිසා .
අතීතය 🥀 Bo pov
ඉස්කෝලෙ දි අයියව මගෑර මගෑර හිටියට ඒ ඇස් මාව ලුහුබැන්දා කියලා මට විටෙන් විටේ තේරුණත් සාමාන්‍ය පෙළ විභාගෙ ඈතින් අත වනද්දි මට ඕන උනේ තනියම ඉන්න . හුඟක් වෙලාවට ක්‍රීඩා සතියෙදි මං කරේ පැත්තක් අල්ලන් පොතක් කියවපු එක. එක සෙල්ලමකටවත් සහභාගි නොවුවත් අනිවාර්යයෙන් ඉස්කෝලේ පැමිණීම මාර්ක් කරන නිසා මට එන්න උනා නෙවෙයි ගෙදර අප්පච්චි ගේ ගෝරනාඩුයි බස්තම් පාරවල් වලට වඩා ඉස්කෝලෙ ඉන්නා එක දාහෙන් සම්පතක් උනා .
"බෝසර....ඔයාට මදාවි අබේ එන්නලු...කැන්ටිං එක ගාවට ...හනික යන්න නැත්නම් බේරුමක් නැතිවෙයි "
හසිත ඒ. මගෙ එකම යාලුවා. එයා එහෙම කියාගෙන ගියත් මං කල්පනා කරේ කවදාවත් නැති ව මදාවි අබේ මොකද මට කථා කරේ කියලා .මං එතනට යද්දිත් කොට්ටම්බා ගහ යට වාඩිවෙලා ඉශාන් අයියත් ඉන්නවා අනේ! මට බෑ අයියො...ඒත් ඉතිං නොගිහිනුත් බැරිවෙද්දි කකුල් පැටළි පැටළි මට යන්න ත් උනා.
ඉශාන් අයියා මගේ දිහා බලාගෙන ද මන්ද ඉන්නේ .. මට ලැජ්ජත් එක්ක ..සංසාරේ!!
"උඹ කොහෙද මල්ලි ඉන්නේ...ඉස්කෝලේ එනව විතරයි පේන්නේ ඊට පස්සෙ හොයාගන්න වත් නෑනේ ...ඇත්තට බං උඹ මොන නිවාසෙද..." මදාවි අබේ අහද්දී මං ඔලුව උස්සලා කීවේ ,
YOU ARE READING
The Promise Of Love❤️💚
Fanfictionදන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀