The Promise Of Love❤️💚

23 5 2
                                    

"අප්පච්චි ..එ දරුවා මම නේද...

හේනං එ කතාව ඇත්ත ..එතකොට ..එතකොට බෝසර යි මමයි......අපි අපි...අපි දෙන්න ....අප්පච්චි ..........කියන්ට අපි දෙන්නහ් ඒක ඇත්ත ද ?
අප්පච්චි ඒක ඇත්ත ද අප්පච්චි ?

හිතම ගිනිගනිද්දි කතා කරගන්ට වචන පවා නොමැති වෙද්දි මටෝන කරේ මගෙ බටු ඇටෙයි මමයි සහෝදරයො කියන කතාවෙ ඇත්ත නැත්ත දැනගන්ට වගේම මං අච්චර අහලත් අප්පච්චි කටක්  හෙල්ලුවෙ නැ

"අප්පච්චි..ඇත්ත කියන්ට

මං .. ද ඒ දරුවා ???

මට ඇඩුනා දරගන්ට බැරිම තැන මං ද අහලත් වචනයක් වත් නොදොඩ ඉන්න අප්පච්චි දිහා බලං මං ඇඩුවා .මගෙ හිත කියන්නේ ම ඒ මං කියලා වෙද්දි , උපන් ගමන්  අම්මා වෙච්චි කෙනත් මාව වෙන කෙනෙක් ට දෙද්දි මව්කිරි නැති ව පිටි කිරි පෙව්ව අප්පච්චි දිහා බල බල මං ඇඩුවා

"පලයං හිච්චියෝ ගෙට..ගොහිං රැට කාහං ආං බත් බෙදල ඇති ...ලලංග කොල්ලො මේං මලයට පිගාන දියං

මං අහන දේට උත්තර නොදි අප්පච්චි කතාව මගාරින්ට හදද්දිත් මං උන් තැනින් නැගිටල ගොහිං ඇන තියාගත්තෙ උන්දැයි දනිස් දෙකේ ඔලුව තියං

ඉකිගහන මාව එකසුමේට බදාගෙන අප්පච්චි මගෙ ඔලුව ඉබිනවා ඔලුව අතගානවා. එතකොට ඒක ඇත්ත ද...මට ඕන කරේ අප්පච්චි ගෙ කටින් ම ඒක අහගන්ට..නෑයි කියන්ට අප්පච්චි ..නෑයි කියන්ට
මං හීන්සැරේ ඔලුව උසසල අප්පච්චිගෙන් ඇහැව්වා,

"අප්පච්චි....
උඹ ල මයෙ අප්පච්චි නෙවෙයි'   ද ..



"මක්කදෑ හිච්චියෝ නං දොඩවන්ටේ?? මං උඹ ගෙ අම්මා.. අප්පච්චියි දෙන්නම. මේ අත් දෙකෙන්  නොවැයිද  බොල මං උඹ ව උස්මහත් කොරේ?

⁣"හේනං කවුද දෙයියනේ ඒ ළමයා? මට ඉතුරු ටිකත් කියන්ට අප්පච්චි ..

"බත් ඩිංග හීතල කරයි මයි පුතේ ...කාල හිටිං

"කාරි නැ අප්පච්චි ...මට කියන්ට...කවුද එ ළමයා ..කොයි දැන් ඒ ළමයා ?

අප්පච්චි මගෙ ඇස්වල නොගැටීගෙනම එක එල්ලයේ කළුවර දිහා බලං කටහඬ අවදි කරේ හුස්මකුත් පිටකරං

The Promise Of Love❤️💚 Dove le storie prendono vita. Scoprilo ora