Zhan pov 🥀
ආතභූත වෙලා වගෙ මං ගෙදරින් ආවෙ කොහොම ද මන්ද ඉයෙ වැස්ස ට තෙමිල වලව්වට ගියපු මයෙ කොල්ලට හුස්ම අල්ලන්ටත් බැරුව ඉන්නවාය කියන්නේ . ඒකාට රැ ඉදන්ම බේත් වේලක් ඇගට වැටිල නැති නිසා නොවැ කියන කාරණාව මතක් උනත් මං වලව්ව ට නොගිහින් පාරෙ ඉදන්ම එබිකං ලෑවෙ ඇබිත්තකටවත් කුස්සි කෑල්ලෙ උන්නු අක්කණ්ඩිය වත් එළි බහිද කියලා .පේන මානෙක වත් මොකෙක්වත් හිටියේ නැ වගේම අනෙ ඔන්නොහෝ ඕනෙකක් වෙච්චදෝං කියලා හිතාන අඩියක් ඉස්සරහට තිව්ව විතරයි බැනියං කඩමාල්ලක් ඇදල කොටට කොටේ කලසං කෑල්ලකට බැහැපු මයෙ රං හොර ගල් ඇහිදං එනව මයෙ ඇස් කොණට යාන්තමට පෙනුණා .. කලිසමේ කොට යකෝ.......වරකො! ලෙඩා කියලා බලන්නැ තොට දෙනව මං
හිනාවෙවි ලගට ආවත් හති ඇරපු එකම නොවෙනස්ව පවතිද්දී අර කලිසමේ කොට එක ගානක් මට නැති වෙද්දී ත් හුඟක් වෙලා බලා ඉන්ට බැරිව මං එයාව ඇදල බදාගත්තා.. අනෙ ඒ ඇග හුඟක් රස්නෙයි
"මෙච්චර රස්නෙ ඇයි බබා? ඊයෙ බෙහෙත් වත් ගත්තේ නැද්ද ?"
"ඔයා කොහොමද දන්නෙ ශාන් අයියෙ..".
"අහපු එකට උත්තර දෙනව මුලින් "
"........... අප්පච්චි එද්දී රැ උනා නෙ. හිච්චොං අයියෙ..මං පැනඩෝල් බීවා"
"හේනං කොහොමද රස්නෙ තාම..උදෙ බීවෙ නෑ........එහෙමනෙ?? හතිත් දානව තව...නහයත් බරවෙලා ...හදාගනිං බලන්න ලොකුවට ලෙඩක් ..තියෙන හිතුවක්කාර කමට..අනිත් එක ඇදන් ඉන්නා එව්වා......මගෙ ඈයෝ තුන් හතර දෙනෙක් ඉන්නවා ඇතුළේ.. උනුත් දකින්ටැති සක බඹරෙ වගෙ කරකැවෙන හැටි.."
"කව්රුත් දැක්කෙ නැහැ අයියො"
"දැක්කෙ නෑ'යි කියන්නේ කොහොමෙයි?"
"නැ නැ...ලලිතක්කා හිටියෙත් කුස්සියේ ..කෙසෙල් ගස් මණ්ඩියෙන් නෙ මං ආවේත්..ඒ පැත්තට කව්රුත් යන්නෙ එන්නෙ නැ.."
"රෙද්ද තමයි.. ගොහින් ලෑස්ති වෙනව මං බෙහෙත් ඇරන් දෙන්නං"
YOU ARE READING
The Promise Of Love❤️💚
Fanfictionදන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀