The Promise Of Love❤️💚

92 13 0
                                    


'ජීවිතේ කවදාවත් රැල්ලක් නොපාගපු මට අයිය නිසා ඒ දේත් ලැබුණාම මට දැණුනා මගේ ජීවිතේ හැම හිස්තැනක්ම එයා පුරවයි කියලා . මරක්කල කඩ වීදියේ ඇවිදින්න යද්දි  රටකජුයි කඩලයි,වඩෙයි අරන් දීලා රසම රස දොදොලුත් අරගෙන දුන්නා.  දෙපාරක් ම රැල්ල පාගන්නත් මාත් එක්ක ආපු එයාට, දැන් එයාගෙ හිතේ ඉන්නේ මං කියලා දැන දැනත් එක හාද්දකට වත් මෙයා ඉඩ දෙන්නැති එකයි එකම  වරද උනේ. අතින් අල්ලන් එහාට මෙහාට ඇරන් ගියේ හාද්දක් ගන්න බලන් වෙද්දි මෙයාගෙ වැඩේ ආදා වගේ  ඒ හැම තැනකින් ම ලිස්සලා ගියපු එක උනා ම  ⁣අහක ඉදපු මදාවි අයියයි ලාලයියටයි විතරක් වැඩේ තේරුණා. එයාලට තේරිල මොකටද..ඕනම කෙනාට නොතේරෙද්දි 😒'

--------------------------------

'සමාධි අරණෙ ට යන්ට තිබුණෙ එල්ලෙන පාළමක් උඩින් උනත් මට නොයා බැරි කමට එක්කෙනා දෙන්නා යනකම් මාත් පහු පහු  වෙවී බලන් උන්නාට ශාන් අයියා ඇවිත් කථා කරනකන් මට සිහි තිබ්බෙ නැ.ම්හුක් !  බය ...බය.. වෙන මුකුත් නෙවෙ . '

"මොකද මේ? ...හැමෝම යනවා එන්ට ඉතිං "

"බැ.  බයයි , හෙල්ලෙනවනේ"

"ඉතිං ඒක ට තමයි ලනුව අල්ලන්නෙ"

" අනෙ යන්න ම ඕනද අයියෙ ?? නොගිහින් ඉන්න බැරිවෙයිද..?"

"විකාර කියවන්ටෙපා.. හැමෝම
යනව..එන්ට ඉතිං ..කෝ අත දෙන්ට "

"ම්න් ...අත දෙන්නම් හැබැයි මගින් අතාරින්න එපා "

"කවදාවත් නැ!  මේ අත අල්ල ගත්තොත් මුළු ජීවිත කාලෙම අල්ල ගත්තා කියලා හිතන්ට"

      'ශාන් අයියා ඔයා මට බලාපොරොත්තු දෙනවා වැඩී ... කොහොමත් ඔයා මගේ තමයි '

-----------------------------------

'වැඩ නිම උනා ට පස්සෙ කට්ටිය රෑට උයන්න ගියාම කීප දෙනෙක් මුහුදෙ නාන්නත් ගියා සර්ලත් එක්කම. මටත් යන්න ආස හිතුණත් අයියා මට යන්න දුන්නෙත් නැ .කොපොමණ වාරයක් පෙරැත්ත කළත් එක වචනයක් හාං කියව ගන්න බැරිවුණා. ම්හුක් , යකායියා මටම අහුවුනා නෙ සංසාරේ !!'

'මරෙයි පාරේ මරක්කල කඩයක් ළඟ  තිවුණු වතුර ටැංකි වලට සල්ලි දීලා අයියගෙ යාළුවො නාද්දි මාවත් ඇරන් එයාත් ආවට මට තිවුනෙ පිරිසක් ඉදිරියේ නාන්න තියා ඉන්නවත් බැරි ලජ්ජාවක්. අයියගෙ යාළුවෙක් මෙයාගෙ සෝබනේ කියලා මට කියද්දී අයියා එයාට හොද එකෙන් රැව්වම ඌ කට වහගත්තා. යසයි. අයියා ඇදගෙන හිටපු  ටී ශර්ට් එක ගලවලා  කොටු කලිසමක් ඇදල පොඩි බේසමකට වතුර ගද්දී එයාගෙ යාළුවො එයාව නෑව්වා. එයා හිනාවෙවී  එතන ඉද්දි මං අයිනකට වෙලා එයා දිහා බලන් හිටියේ ඉරිසියාවේ මැරෙද්දි. වාත්තු කළා වගේ එයාගෙ ඇග. අයියා බාගෙට නාල මං ළඟ ට ආවාම මට බැලුනෙම ඒ දිය බිංදු ගලන් යන ඇග වගේම ඇගටම ඇලිච්ච කලිසම් කොටෙන් බේරිලා එන එයාගෙ ලස්සන දිහා.'

The Promise Of Love❤️💚 Where stories live. Discover now