මත්තල ඉදල වලව්වට යන්න බෑයි කියලා අඩපු මගෙ බටු ඇටේ පහුවෙනිද උදේ මං එනවා කියන පොරොන්දුව පිට ගියත් එයා නැති පාළුව මකාගන්න මට කොහොමටවත් බැරිවුණා . අසේලයියට කෝල් එකක් ඇරන් නවිය එන්ක කතා කරල අප්පච්චියි මායි ඊට දවස් දෙකකට පස්සෙ මාතර යන්න පිටත් උනේ ඒ වෙද්දි අප්පච්චියි වලව්වේ මහත්තයයි අතර තිබුණු රණ්ඩුව සමථයකට පත්වුණු නිසා. වලව්වේ මහත්තයා මාතර යන්න කළියෙන් මං ළගට ඇවිල්ල ඔලුවත් අතගාලා හෙට අනිද්දා දිහා ට එන්නයැ'යි කියලම ගියේ අමුතු කරුණාවක් මට පෙන්නලා .
යනමගදි වත් අප්පච්චි යි මායි අතර කිසිදු කතාව ක් නැති උනත් විටෙන් විට බලද්දී එයා උන්නෙ ලෝකෙම පෙරළන්න වගේ ලොකු කල්පනාවක. නවියත් සැරින් සැරේ අප්පච්චිව කයියට ඇදල ගන්න වෑයම් කරත් ඒ ඇසිල්ලේ හ්ම් යන්නෙන් විතරක් කෙටි උත්තර දී බහට සමුදෙන අප්පච්චී කුමක් හෝ දෙයක් මත්තෑවෙ බොහෝ දුර ගොසින් කියලා දැනුනා.. ඒ මාත් බෝසර අතර ඇති පලහිලව්ව නිසා ද නැත්නං වෙන යම් කාරණාවක් ද
•
•
•
කෙලින්ම වලව්ව ට නොගොස් අපේ පුංචි ගේ පොඩ්ඩට ගියපු අප්පච්චී මුලින් ම කරේ වල් බූටෑවක් සේ තිබූ බැද්ද අහින්ට පටන් ගත්තු එක. මමත් හවුල් වෙලා එය කරන්ට පටන් ගද්දී කෑ ගසා මාව එළවා දැම්මේ ,
"ඇදුම් කැඩුම් ලක ලැහැස්ති කොරලා වලව්වේ නවත්තන්ට යමං දැන් "
"මෙච්චර ඉක්මනටම??"
"අපට හදිසි නැතුවට මහත්තයැන්ට හුඟක් හදිසීයි නොවැ පුතේ"
"ඒ කිව්වෙ අප්පච්චි"
"ඒ කියුවෙ මහත්තයට ඕනලු උඹට ඉස්සරහට උගන්නල ගන්න එහෙමත් නැත්නං... මක්කා හරි රස්සාවක් හොයා දෙන්ට "
වලව්වේ මහත්තයාට හදිසියේම පහළ වූ සත්ව කරුණාව ගැන මට සැක ආවෙ එදා බෝසර කැටුව යන්ට ආ ගමනෙන් පස්සෙ උනත් මාව මරන්නට පවා හදපු මහත්තයා ගැන මට සැකේට වඩා අන් දෙයක් හිත ට ආවෙත් නැ
*
*
*
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
YOU ARE READING
The Promise Of Love❤️💚
Fanfictionදන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀