10වන කොටස..

4.3K 873 344
                                    

මොන මගුලටද රෑ දහයට එනවා කිව්වෙ......??

මොකක් හරි සප්‍රයිස් එකක් දෙන්නවත්ද......????

හරිම අගෙයි මන්ත්‍රී පුතුනුවන්ගෙ බලපෑම් කිරිල්ල නම්......අම්මගෙ ගැම්ම වෙන්න ඇති....කියන්න බෑ මේකා මෙහෙම ඉදලා මන්ත්‍රීයෙක් වෙන්නත් පුලුවන් ......

මගෙ මුන දැන් අර කනේ මලක් ගහන් ඉන්න කොල ගෙම්බා වගේ.........දහ අතේ කල්පනා කරනවා.....ඇරත් දහය......

සුදුවෑන් සවාරියක් වත්ද......???

සමහර විට හෙඩා තව අවුරුදු දෙක තුනකින් දියවන්නාවට බහින්න ප්‍රැක්ටිස් වෙනවද දන්නෙත් නෑ.....

අනෙ අම්මෝ...මූ නම් ලැට් වලක් විවුර්ත කෙරුවත් නිර්වාන් අබේසේකර කියලා නම දාගනී......අරුත් චන්දෙ ඉල්ලයි.....
අරුත් ලැට් පෝච්චියක් බෙදුවත් ශෙනිරු අබේසේකර කියලා ගහයි ...පස්සෙ ඌයි මූයි දෙන්නම එකතු වෙලා සාරංගයා එක්ක හාපික් ඇඩ් වලට ඌට හෝදන්න කක්කුස්සි හද හද ඉදී....රතු එක අතනට  ...නිල් එක මෙතනට !

උන් දෙන්නම සුදු සරුන් දෙකක් ඇදලා බෙල්ලට රතුපාට සාටකත් දායි....අමෝ...අමෝ....හිම්චි
අප්පච්චිලා දෙන්නා........

දැන් සැප්තේ.....
අල ළූනු කෑවතේ......
අපේ කාලෙ නම් මෙහෙම උනේ නෑ අපේ හාන්දුරුවනේ ගායි මුන් දෙන්නත්.......

මං මට දහය වෙනකොට ගේට්ටුව ගාවට ඇවිත් ඉන්නයි කියලා බල කරලා යන්න ගියපු හෙඩා ගැන කල්පනා කර කර උන්නා...කමක් නෑ....ඒකා හෙඩා උනත් මගෙ කුලුදුල් ආදරේට උදව් කරනවා කිව්වනෙ ...ඒකම මදැයි ඉතින් ඕකා ජන්දෙ ඉල්ලුව කාලෙකට මගෙ මනාපෙත් හෙඩාට දෙන්න......

මට එහෙම්ම මගෙ ඉංග්‍රීසි මිස්ව මතක් උනා.........හිනාවෙනකොට කම්මුලකුත් වල ගැහෙනවා...

මගෙ අමල් බිසෝ......දොර අරින්න එපා.....නුඹ පරිස්සමින් ඉදපන්........!!!

ම්හුක්....අප්පච්චියේ .....අප්පච්චිගෙ පොඩි ලේලි වැඩිමල් නෙ....!!!!

අක්කි බබෙක් එක්ක පවුල් කනකොට සමවයස් බක පන්ඩිතියො වගෙ නෙවෙ ........අක්කි බබාලා ගාව තියෙන්නෙ නිකැලැල් නිර්මල ආදරයක් කියලා එෆ් බී වෝල් එක පුරාවටම තියෙන්නෙ........කමක් නෑ....මගෙ ඉංග්‍රීසි මිස් අපේ අම්මවයි අප්පච්චිවයි මාවයි හොදට බලා ගනී.........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now