55 වන කොටස...

3.1K 718 364
                                    

Sanash pov...

චූටියා යන්න ගියා....ගියාට මොනවා කරගනීද කියනන් දන්නෙ ඌම විතරක් උනත්....එක බඩවැලේ උන්න ඌට දැනුන හැම වේදනාවක්ම හැම හැගීමක්ම  ටෙලිපති උපරීමෙටම තිබුන මට දැනුනා.......

ශෙනිරු ඉන්නව...ඒත්....මං බැලුවෙ නෑ...මන් කතාකෙරුවෙත් නෑ....ඔයාට කොහොමද ඇහුවෙත්  නෑ......එදා අවසනම වතාවට බස් එකේදි මං එයාගෙ අත ඇල්ලුවා...මොනවද කිව්වෙ...එයා නැති උනා කියලා මල් පිපෙන්නෙ නැතිව යන්නෙ නෑ කිව්වා

ඇත්ත..එයා නැතිව ගියාට මල් පිපෙන එඅ නැවතුනෙ නෑ...හැබැයි....එදා ඉදන් මගෙ ජීවිතේම වැස්සක් කියන දේ අහලවත් නැති ඉඩෝරෙ ගැන විතරක්ම දන්න කාන්තාරයක් වෙලා ගියා......

මට ඕනෙ හැම වේදනාවකිම්ම ගැලවෙන්න.....මදැයි මං දැන් අවුරුදු තුනක් තිස්සෙ විදවනවා....අවුරුදු තුනක් කිව්වට එයාට දැනෙන්නෙ නැතිව ඇති.....

දවස් එක්දහස් අනූපහක්.....එතකොට පැය.......???

මං විදෙව්වා හුස්ම ඉහලට ගන්න ආපිට පහලට දාන හැම තත්පරේම මං විදෙව්වා ...මට අඩන්න කාලයක් තිබුන් නෑ...මොකද ..මට සිද්ද උනාමාවත් දරාගන අසනීපෙන් ඉන්න මගෙ මල්ලිගෙ කදුලු උරාගන්න මගෙ උරහිස දෙන්න...මං ඌව තුරුල් කරගන උන්න...මං ඌට ඇති පදම් අඩපන් කියලා මාවම මන් හරි අමාරුවෙන් දරාගත්තා ...මොකද....මගෙ පපුව වගේ නෙවෙ උගෙ පපුව........එලියට පනින්න හදන කදුලු ඌ අස්සෙම හිරකන් උන්නොත් ..මං දන්නවා..ඌ මැරෙනවා....ඌව අනිවාර්යයෙන්ම නහරයක් ගහලා ගිහින් මැරෙනවා...........

මං ශෙනිරු දිහා එක පාරක් බැලුවා......මං හිතුවා වගේම ශෙනිරු බලන් ඉන්නවා....එයා වෙනස් වෙලා....වෙනස් වෙලා කියන්නෙ....එයාට දැන් තියෙන්නෙම හරි පරිනත පාටක්............කනට කරාබුවක් දාලා...කොන්ඩෙත් පාට කරලා උන්න ශෙනිරු....ඉස්සර උන්න ශෙනිරුමද කියලා හිතන්න බැරි තරම් .....ඒ අතපය....මං හිතන්නෙ කලින්ටත් වඩා දැන් හරි ලොකුයි...බලන් ගියහම.....පරඩැල් වෙලා තියෙන්නෙ මායි අපේ එකයි විතරයි ...........

මං ආයම අහක බලාගත්තා .......මට එයා එක්ක කතා කරන්න දෙයක් තිබුනෙත් නෑ...මොකද ...මෙතන ඉනන් ශෙනිරුව මම අදුනන්නෙත් නෑ......

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now