33වන කොටස...

3.2K 728 492
                                    

ඔයාට වතුර ටිකක් දෙන්නද.......

මං ඒ රතු උන මූන දිහා බලාගනම වතුර ටිකක් දෙන්නද ඇහුවා ....ඒ තොල කට පවා සම්පූරනම වේලිලා ගිහින් තිබුනා ...

බලන්න ආවත් ඉන්න වෙලාවක් නෑ කියලා යන්න ගියාලු...මොන ජාතියෙ දෙමව්පියොද...මුන් මොන ජාතියෙ උන්ද....මෙයාට ඉන්නෙත් හරියටම මගෙ නිරූට ඉන්නවා වගේ පොල් පිත්තෙන් කපන්න පුලුවන් අම්මා අප්පලා වගෙ.....

ඔය වගෙ උන් පොල්පිත්තෙන් කපන්න පුලුවන් ....කෝ මේක බීලා ඉන්න ඔයාගෙ මුලු තොලකටම වේලිලා ගිහින් අඩුම ගානෙ වතුර ටිකක් වත් පොවලා ගියෙ නැද්ද......මහ හිතක් පපුවක් නැති යක්කුනෙ.....අම්මා අප්පා තමයි...හැබැයි මට නම් මේ වගේ වෙලාවල් වලදි ඒ වගේ දේවල් සාදාරනී කරනය කරන්න බෑ.......අපි එදා වෙල හම්බකරන් කාපු මිනිස්සු.....අපිට මොකක් හරි උනොතින් එදා වේල නැති උනත් අපේ අම්මා අප්පච්චි ලා අපිව බැලුවා......උන් හොදයි පොල් පිත්තෙන් කපා ගන්න.....

මට තව  දුරටත්  හිතින් හිතන්න අමාරු උනා...මං උන්නෙ නිර්වාන්ගෙ හිතක් පපුවක් නැති අම්මා වගේම ඩැඩා ඩැඩා කිය කිය එයාව නැති කරන්න හදන ඇමතියගෙ වචන වලින් බාගෙට හෙම්බත් වෙලා....උන් වද දෙන්නෙ නිර්වාන්ට ඒ උනාට ඒ වචන වදින්නෙ මගෙ පපුවට......හිතෙ තිබුන තරහවත් එක්ක මට හිතින් හිතුන දේවල් එකක් නෑරම වචන වෙලා එලියට පනින්න ගත්තා..මං කාගෙ කව්ද කින්ද මන්ද නොබලාම බනින්න ගත්තා...එයාගෙ අම්මා අප්පා කව්ද නොදන්නවා උනත් මං නිර්වාන්ගෙ අම්මා අප්පා මතක් කරන් බැන්නා....උන් මගෙ නිර්වාන්ව කනවා......උන් රිදවන්නෙ නිර්වාන්ට උනත්....හිල් කරන්නෙ මගෙ පපුව.....

මොකද උන් නොදන්නවා උනාට...උන්ට නොදැනුවත්ම උන් දැනටමත් " අංගුලි මාලා" කෙනෙක්ට හුස්ම පිඹින ගමන් උන්නා....මොන තරම් නපුරු උනත්....නිර්වාන් ගාව තියෙන්නෙ ලේසියකට හොයන්න බැරි හරි ඝනකම් ආදරයක් ....ඒ උනත්.....උන්  කරන්නෙ නිර්වාන්ගෙ ගාව ඉන්න ආර ආදරනීය චරිතෙ උඩට සම්පූරනම කොන්ක්‍රීට් වක්කරන එක...ආදරනීයම මනුස්සයව යට ගගහා යට ගගහා   උන්ට ඕන කරන හිතක් පපුවක් නැති මෘගයෙක් හදන එක ..............

කවදා හරි දවසක නිර්වාන් ගෙ වචන යතාර්තයක් උනෝතින්.......?

මේ ලෝකෙ ඉන්න නරකම මනුස්සයා ...නපුරුම මනුස්සයා එයා උනෝතින් .......??

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now