44වනකොටස....

2.7K 711 244
                                    

නැගිටපියව් ඔය සින්දුව කිව්ව උන් දෙන්නා.......

පිනාගෙ අතේ තිබුන වේවැල ගුරු මේසෙට වැදුනා...ලා පාට ගුරු මේසෙ එක පැත්තක දුඹුරු පාට පාරක් හිටලා...මොකෙක් හරි අවලමෙක් අදම මේස රෙද්දෙන්  සපත්තුව පිහදගන.....අද නම් දනගස්සලා බේරුනොත් ඇති..කොනක ඉදන් පිට්ටනියෙ තනකොල කන්න කියාවි......

ඒ විතරක් නෙවෙ...හය වසරෙන් පහල පොඩි උන්ගෙ ලැට් හෝදන්න කියාවි...උන්ට පුලුවන් ගිහින් පයිප්පෙ අල්ලලා එන්න විතරයි හෝදන්න බෑ......පොඩි පගයි....

චූටියා....මොකද කරන්නෙ.....මම කොමර්ස් එකෙ කියලා දැනගත්තොත් එහෙම මට අද තූක රසා පේන්න ගහයි.....මදැයි....විරහා වේදනාව සමනය කරගන්න කියලා ආවා.....

පොඩ්ඩක් කට පියන් ඉදුකෝ.....

බැරි වෙලාවත්....මොකක් හරි උනොතින්....

කෝකෝ....නැගිටපියව්...නැගිටපියව්......මෙතන සින්දුව කිව්වෙ දෙන්නයි....දැන් තොපි ඔක්කොම එකෙක් පාවා දෙන්න බැරිකමට  වීර පට්ටම ගන්න හිතාගෙන ඔක්කොම එහෙම නැගිටිනවා නෙවෙ ආ....

අනේ...චිම්තක...අද නම්....හා හා පුරා කියලා අතට ගත්තු දරු පැංචන්ට ගෞරවයත් නෑ...බුදු සරනත් නෑ.....

මුලු පන්තියම මීයට පිම්බා වගේ තිබුනා...බෙල්ල කැපුවත් පාවා දෙන්නෙ නැති උන් ඉන්න පන්තියක උන්න මායි ලොකුවයි අනිත් උන් දිහා බලලා ඇස් කරකවනකොට උනුත් කිව්වෙ එපා නැගිටින්න කියල වෙනකොට මගෙ ගාව උන්න සැලා මරු කියවන්න ගත්තා....

ලොකුවා...ඒ බන්...මේක හරියන්නෙ නෑ

ඒක තමයි...එක්කො...අපි දෙන්නා ස්ව කැමැත්තෙන් නැගිටිමුද...  

ම්ම්ම්....ඔක්කොටම කලින් පොරොන්දු වෙයන්...ඇදිවත රකිනව කියලා....

මං සැලාගෙ අත මිරිකුවා...තව වෙලා යන්න යන්න පින්වත් පිනාට අධි රුධිර පීඩනය එන හන්දා මමයි ලොකුවයි නැගිටින්න තීරනේ කරන ගමන් වක්කඩක් වගේ කටක් තිබුන සනාශ්ගෙන් පොරොන්දු ගත්තා ....ඌ පොරොන්දු උනා...හැබැයි...ඌ එතනත් මම දිවුරා පොරොන්දු වෙමි කියලා කියපු කෑල්ල මට දිරෙව්වෙ නෑ....

උඹෙයි මගෙයි ඇදිවත සුරකින බවට දිවුරා පොරොන්දු වෙමි.......

ස්...සර්...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now