66වන කොටස...

2.7K 620 121
                                    

අම්මා එනවලු.........

මං සතුටු වෙන්නද.....නැත්තන් දුක් වෙන්නද........එකම වෙලාවෙ පපුවට හැහීම් දෙකක් දැනෙනකොට...මට සිද්ද උනා මගෙ හර්ද වස්තුව ගලවලා අතට අරගන තරාදියක් උඩ තියලා කිරලා බලන්න......

මොන හැගීමද පහලට වැටෙන්නෙ......

මොන හැගීමද ඉහලට යන්නෙ.....

කියන්න සන්තෝසයි.....මගෙ ඇස් පනාපිට....දුක කියන තරාදි පඩිය දාපු පැත්ත බලාගන ඉන්නකොට යට ගිහින් ...සන්තෝසය කියන හැගීම කුරුලු පිහාටුවක් තරමටවත් බරක් නැතිව ඉහලට ගියා......

"අම්මා එනවා....."මේ වචනටික....මගෙ හිතට අප්‍රමාන සතුටක් ගෙනාවා....මේ තාක් දුරට ...ඒත්   ......ලෙඩ ඇද කියන්නෙ...මට කා එක්කවත් හුවමාරු කරගන්න බැරි ඇදක් වෙනකොට ........ගිනිගහන කාන්තාරෙ නරදුක් විදපු අම්මා ස්වාසෙත් නැතුව කඩාගන බිදගන මෙහෙ එන්නෙ මාව බදාගන මගෙ චූටි මගෙ පුතා දැන් ගොඩාක් ලොකු වෙලා කියනන්වත්......මගෙ පුතා උඹ ලස්සන වෙලා කියන්නවත් ....මං උඹලා දෙන්නව එක්කන් අරහෙ යනවා...මෙහෙ යනවා කියන්න වත් නෙවෙ.....අම්මා එන ඒමට එන්නෙ බට ගොඩක් මැද ඉන්න මාව තුරුලු කරගන කදුලු දිය කරන්න කියලා දැනෙනකොට....." වේදනාව...දුක" කියන තරාදි පඩිය පහලට බර වෙන එක අහන්න දෙයක්ද.......

චූටි.....මැනික........

මං නිර්වාන් දිහා බැලුවා...අතේ තිබුන ඵෝන් එක පැත්තට වැටෙනකොට මං වෙනදටත් වඩා මට ආදරෙන් කතා කරන මගෙ නිර්වාන් දිහාව බැලුවා.......

නිරූ........

කෝ ඕක දෙන්නකො....පැත්තකින් තියමු.....තව චුට්ටකින් ඩොක්ටර් එයි  ...ඒත් මගෙ කොල්ලව මෙහෙම උස්සන් යන්න බෑනෙ.......මෙහෙම්ම ඉදන් මූන හෝදමු.....හොදද....

නිරූ....

මේ...අයියා මේකකුත් ගෙනාව...ලැජ්ජ  වෙන්න එපා...උඹ මගෙනෙ වස්තුව...මං උඹගෙ දැකපුන් නැති දෙයක් නෑනෙ........ඇරත්...මං උඹව කවදාවත් අහක දාන්නෙ නෑනෙ.....හොදද...

නිර්...වාන්.....

මගෙ යටි තොල් වෙව්ලන්න ගත්තා....නිර්වාන්ට නෙවෙ මං කියන දෙයක් ඇහෙන්නෙ...අතින් කටින් උර උර එල්ලන් ආව නිර්වාන් මට ඇදෙන් බහින්න බැරි හන්දා චූ බරක් ආවොත් ලැජ්ජා වෙන්න එපා...අයියා මෙකක් ගෙනාවා...මේකක් ගෙනාව...අනික මන් උඹව දැකලා තියනවා......මං කවදාවත් උඹව අහක දාන්නෙ නෑ කිය කිය කියවන්කොට......ඒ වචනම මාව නොසෑහෙන්න අසරන කෙරුවා.....නිකන් නෙවෙ ......මාව අවසානම බින්දුවට ඇදලා දැම්මා.....ඒ ආදරේ ගාවදි .....එයා මං වෙනුවෙන් නහින නැහිල්ල ගාවදි මට කරකියා ගන්න දෙයක් නැති වෙනකොට මං නිර්වාන්ව මගෙ කේඩෑරි අතෙන් ඇදලම අල්ල ගත්තා.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now