40වන කොටස....

3.1K 718 274
                                    

මට මෙතනින් පහලට පනින්න හිතුනා...හෙඩ් පොපිට් අයියා පන්තියෙ මුල්ලක තිබුන පුටුවෙ ඉදගන ඇහිබැමකුත් උඩ ඇරන් මන් දිහා රවාගන බලන් ඉද්දි ඉස්කෝලේ ඉන්න විනයභාර ස්ර්ගෙත් මුල් ගල මෙතන බව නොදන්න පැගිරි විසෙ ගහපු නෑම්බියො දෙන්නා බොරු සෝබන කැටයම් දදා අතේ උන්න අපේ පරීව නලව නලව මගෙ ගාව ඇඹරෙනකොට මට ඇදිවතේම මූත්‍රා පහවෙන්න වගේ ආවා...

අනේ...සුතර්මා ......දරු පැටියට අද දවල්ට බත් තියන්න එපා........... ම්හුක්...

සයා......ශ් ...... අයී.....යෙ . ......මේ...අනේ....

ඒ..ව්...මේකි ඒක ඇදපු ඇදිල්ල...මාවත් ඇදිලා යනවා....

මගෙ ගාව උන්න මූන රවුම්ම රවුම්..කොන්ඩෙත් ඉනෙන් පහලට තිබුන කෙල්ල ඒකිගෙ කොන්ඩ කරලක් අතගාන ගමන් සයාශ් අයියෙ....මේ අනේ අහනකොට මන් බලාගන තව සුලු වෙලාවකින් සක්‍රිය වෙන්න තියන බෝම්බෙන් ගිනි පුපුරු එලියට විසි වෙනවා .....

කියන්න නංගි මොනවා හරි උවමනාවක්ද...

.උවමනාවක් නෙවෙ ...හැබැයි. ....

ඔ...ව්...හැබැයි මොකක්ද ?...

මෙන්න මේක...මේක දෙන්න ආවෙ...

මාව රත් උනා..නිර්වාන්ගෙ ඇස් ඉස්සරහම අරකි මගෙ අත අරන් සුදු පාටට හුරු හතරහට නවාපු  කොල කෑල්ලක් තියනකොට එන පොට හොද නෑ කියන්න වගෙ අනිත් එකිගෙ අතෙ උන්න පරිගේසනුත් මහ අමූතුවට අඩනකොට මං උන් දෙන්නට නොපෙනෙන්න නිර්වාන් දිහා බැලුවා ...

මාව ෆුල් හොල්මන් වෙලා ගියා ....අනෙ අප්පච්චි ..නිර්වානයා දත්මිටි කාගනනෙ........

මෙ මොනවද නංගි....

ඕක බලන්නකො....හැබැයි ...ඉතින් එක පාරම උත්තර දෙනවට වඩා...චුට්ටක් හිත්ලා කියනවද ......

මේක love letter  එකක් නම්...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි නංගි.......මේක ආපහු අරගන යන්න......හොදද   ..... 

ඒකි දුන්නෙ අදර හසුනක් කියන්න හොදටම දන්න මන් ඔවුන් දෙන්නගෙ  ජීවිතෙ බේරන්නත් එක්කම ඒක නොගෙන ආපිට යවන්න් හැදුවා..මොකද ....මේක ගත්තා කියන්නෙ මුන් දෙන්නට ආයම කවදාවත් විභහගෙකට  ඉදගන්නවත් නිර්වාන් ඉඩක් තියන්නෙ නැති බව මට ඉවෙන් වගේ දැනුනා...ඉවෙන් නෙවෙ....නිර්වාන්ගෙ මූන එක්ක මට ඒක ආය නිට්ටාවටම කියන්න පුලුවන් උනා........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now