20වන කොටස....

4.3K 812 314
                                    

චූටි මල්ලි......එන්න......

චූටී.......සයාශ්...........

මං ඔහේ ඵොන් එක දිහා බලාගන උන්නා...නිර්වාන්ට මං ආයම රිප්ලයි කෙරුවෙ නෑ...හැබැයි...ඕෆ් ලයින් ගියෙත් නෑ...ඒ කියලා එයා මට ආපහු මැසේජ් එකක් දැම්මෙත් නෑ...එයයි මායි දෙන්නම ඔන්ලයින් උන්නා.....සමහර විට මං මැසේජ් එකක් දානකන් බලන් ඉන්නවද.........??

නැතුව ඇති...එයා නිකන් ඔන්ලයින් ඉන්නවා ඇති...........මං විතරද ඔන්ලයින් ඉන්නෙ එයාට.....

ඵෝන් එක දිහා බලාගම තනියම කල්පනා කර කර උන්න මං චූටි අයියගෙ කටහඩත් එක්කම ආපහු වෑන් එකට නැග්ගා..ගිහින් අන්තීම සීට් එකෙ කෙර...වලටම ගිහින් ජනේලෙට ඔලුව ගහගන්නකොට මං බලාගන සැලලිහිනියා ශීට් එක අස්සෙ ඔලුව ඔබාගන අතිනුත් කට වහන් සෙනූ අයියෙ සෙනු හුයියෙ....සෙනු....#යියෙ ගගා වොයිස් මැසේජ් යවනවා........

මං ඌ දිහාත් බලන් උන්නා.......

ඌට ගානක් නැද්ද ......?

ඌටත් දුක උනත්.....මට ඌට වඩා දුක දැනුනා.....අම්මා අප්පච්චි ගාවට ඌත් ලැදි උනත්....වැඩිපුරම රිංග රිංග ආදරේ හොයන්නෙ මම වෙද්දි....හුරතල් වෙවි මායන් වෙන්නෙ මම වෙද්දි සනාශ්ට වඩා මට දුක දැනුනා......

මං දන්නෙ නෑ...මං දන්නෙ නෑ.....සමහර විට...සනාශ්ට දුක තිබුනත් එයා හිත ගල් කරන් ඉන්නවා ඇති........

බ්‍...ර්........

මගෙ අතේ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා........මැසේජ් එකක්......

නිර්වාන්ගෙන්..........!!!!

මං හිතුවා වැරදිද ......?

" පරිස්සමින් ගෙදර එන්න චූටි....අයියගෙ ඔලුව රිදෙනවා.....හෙට ඉස්කෝලේ එන්න......ගෙදර ගිහින් නාඩා නිදාගන්න....නැත්තන් ඔලුවෙ කැක්කුම හැදේවි ඔයාට....."

වෙන වෙලාවල් වලට නම් මං නිර්වාන් එක්ක කොච්චර නම් එල්ලෙන්න හදනවද....කොච්චර නම් එකට එක කියවනවද....ඒ නපුරු ඇස් මගෙ වැඩ එක්ක කොයි තරන් නම් රතු වෙනවද....ඒත් අද එයා එහෙම නෑ....දැන් එයා එහෙම නෑ.......එයාට මං අයියා කියපු නිසාමද මන්දා මම අයියා කියන විදිහටම එයත් එයාටම අයියා කියාගන තියනකොට මට ඒ මැසේජ් එක දකින වාරයක් ගානෙම බඩ ඇතුලෙන් ගිනි බෝලා එහා මෙහා කැරකෙනවා වගේ දැනුනා....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now