𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 02

226 43 2
                                    

ටේහ්‍යුන් ජන්කූක් දෙන්නම හිටියෙ සුව නින්දක...ඒත් දෙන්නට දෙන්නා වැලදගෙන නෙමෙයි...දෙන්නම හිටියෙ ඇඳේ කොන් දෙකේ හරියට දෙන්නට දෙන්නා ස්පර්ශ වුනොත් මැරෙයි වගේ...

ජන්කූක් ටේහ්‍යුන් කියන්නෙ වෙන අය වගේ ආදරේ කරලා කසාද බැඳපු දෙන්නෙක් නෙමෙයි...

ටේහ්‍යුන්ගෙ ඩෑඩ්ගෙ බලකිරීමට වගේම ජන්කූක්ගෙ මමාගෙයි පපාගෙයි බලකිරීමට අනුව වුන දෙයක්...ඒත් ඒ දෙමව්පියන්ට ඕන වුනේ තමන්ගෙ ලමයින්ට හොදක් කරන්න...

TAEHYUNG POV

මගේ කසාදෙ ගැන කතා කරනවනම් ඇත්තටම ඒක මගේ කැමැත්තකට වුන දෙයක් නෙමෙයි...මොකද මට ඕන වුනේ නැහැ කසාදයක් කරගන්න මට ඕන මගේ රස්සාව ඇතුලෙ ගිලිලා මගේ ජීවිතේ ගෙවලා දාන්න ඒත් මගේ ඩෑඩ්ට ඕන වුනේ මම කාව හරි මැරි කරලා වෙනම ජීවිතයක් පටන් ගන්නවට...

මගේ මාම් මට අවුරුදු පහලවක් වෙද්දි හදිසි අනතුරකින් මැරුනා...මම ඒකෙන් ලොකු කාලයක් පීඩා වින්දා මොකද මගේ මාම් තමයි මගේ ලෝකෙ වුනේ...ඩෑඩ්ට ඒ වෙනකොටත් කැන්සර් එකක් තිබුනා...මාම් නැති වුනාට පස්සෙ ඩෑඩ් ගොඩක් ලොකු කම්පනයකට පත් වුනා...ඒකෙන් ඩෑඩ්ගෙ අසනීපෙ තවත් ඕනවටත් වඩා වැඩි වුනා...

ඉතින් මගේ ඩෑඩ්ට ඕන වුනා මාව කාටහරි මැරි කරවලා දෙන්න...ඒ අතරෙ තමයි ඩෑඩ්ව බලන්න ඩෑඩ්ගෙ පුංචි කාලෙ ඉදන් යාලුවෙක් කියලා කියපු ජියෝන් අන්කල් ආවෙ එයාගෙ පුතා එක්ක ඒ තමයි මගේ හස්බන්ඩ් ජන්කූක්...

මගේ ඩෑඩ් කතා කරලා අපි දෙන්නගෙම කැමැත්තක් නැතුවම අපිව මැරි කරලා දුන්නා...ඒත් ඒකට මට මගේ ඩෑඩ්ට වෛර කරන්න ඕන වුනේ නැහැ ඒ වගේම මම ජන්කූක්ට වෛර කරනවා කියලා හිතුවත් මට ඒකත් කරන්න ඕන වුනේ නැහැ...

අපි මැරි කරලා මාස දෙකක් විතර ගියහම මගේ ඩෑඩ් මැරුනා...මට දුකයි ඒත් මගේ ලඟ කවුරුම හරි කෙනෙක් ඉන්න නිසා මට ඒ දුක ටිකක් තුනී කරගන්න පුළුවන් වුනා...

දැනට මායි ජන්කූක් දෙන්නා මැරි කරලා මාස අටක් වෙනවා...මේ කාලෙ පුරාවටම අපි අතරෙ එහෙම හස්බන්ඩ් බොන්ඩ් එකක් තිබුනෙ නැහැ...ඒත් අපි යාලුවො වගේ කතා බහ කරලා හිටියා...ජන්කූක් වුනත් හොඳ කෙනෙක්...එයා කොලේජ් ලෙක්චර කෙනෙක්...

ඒත් එයා ඒ රස්සාවට කැමති නැ මට ඒක එයා කිව්වා...ඉතින් දැන් එයා ඉන්නෙ ගෙදර...ඔය විදියට තමයි අපේ සම්බන්දෙ ගලාගෙන යන්නෙ...

pov end

"ගුඩ්මෝනින් ජන්කූක්" ටේහ්‍යුන් උදේ නැගිටිනකොට එයාගෙ එහාපැත්තෙ ජන්කූක් හිටියෙ නැති නිසා එන කෑම සුවදින්ම එයා දැනගත්තා ජන්කූක් දැන් ඉන්නෙ කිචන් එකේ කියලා...

"ගුඩ්මෝනින්,ඔයා අද පරක්කුයි ටේහ්‍යුන්" ජන්කූක් වීදුරුවකට වතුර එකක් අරන් ටේහ්‍යුන්ට දුන්නා..."මම අද වැඩට යන්නෙ නැ ජන්කූක්" ටේහ්‍යුන් වීදුරුව අතට ගත්තා...

"ඇයි?" ජන්කූක් ඇහුවා...

"දිගටම මම වැඩ කරපු නිසා අද පොඩි නිවාඩුවක් ගත්තා" ටේහ්‍යුන් ඩයිනින් ටේබල් එකෙන් වාඩි වුනා..."ම්ම්ම්" ජන්කූක් ඒකට කෙටියෙන් උත්තර දීලා ආයෙත් කර කර හිටපු වැඩේ කරා...

ටේහ්‍යුන් බලන් හිටියෙ කඩිසරව කිචන් එක පුරාම දුව දුව වැඩ කරන ජන්කූක් දිහා...ජන්කූක් ගෑනු ලමයෙක් වගේම ගෙදර දොරේ වැඩ ගොඩක් හොඳට කරා...ටේහ්‍යුන් ජන්කූක්ට කීප සැරයක්ම කියලා තිබුනා මේඩ් කෙනෙක් ගමු කියලා ඒත් ජන්කූක් ඒකට ටිකක්වත් කැමති වුනේ නැහැ...

"මම හිතනවා මිස්ට කිම් මේ නිවාඩුවවත් ඔෆිස් රූම් එකේ නැතුව ගේ ඇතුලෙ ගෙවයි කියලා" ජන්කූක් කලවම් කර කර ඉඳලා එහෙම්ම ම ඔලුව හරවලා ටේහ්‍යුන් දිහා රවලා බැලුවා...ටේහ්‍යුන් හිනා වුනා...සමහර වෙලාවට එලියට එන මේ ජන්කූක්ගෙ හුරතල් ඇක්ෂන් වලට ටේහ්‍යුන් ගොඩක් කැමති වුනා...

"නැ නැ අද මම තනිකරම නිදහස්,ඕනනම් පුළුවන් අපිට ඇවිදින්න යන්න" ටේහ්‍යුන් ජන්කූක්ට කෑම මේසෙට ඇරේන්ජ් කරන්න උදව් කරන ගමන් කිව්වා..."මට ඇවිදින්න යන්න කම්මැලි ටේහ්‍යුන්,ඊයෙත් මම ගියා" ජන්කූක් ටේහ්‍යුන්ගෙ ප්ලේට් එකට කෑම බෙදුවා...

"ඔහ් එාහනම් අපිට පුළුවන් අපේ ගාඩ්න් එකේම අද දවස ගතකරන්න" ටේහ්‍යුන් ජන්කූක් බෙදලා දුන්න ප්ලේ​ට් එක ලඟට ගත්තා..."ම්ම් ඒකනම් හොඳ අදහස" ජන්කූක් තමන්ගෙ ප්ලේට් එකට කෑම බෙදාගෙන වාඩි වෙලා කන්න ගත්තා...

ඒ මුලු කාලෙම ඒ දෙන්නා කරේ ගාඩ්න් එක ගැන කතා කරපු එක...

Next❤️‍🔥

අනේ සමාවෙන්න මට ආයෙත් chapters දෙක ආයෙම දාන්න වුනා...පොඩි අවුලක් වෙලා සොරි හොඳේ🥺😓

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now