𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 20

169 43 19
                                    

ටේහ්‍යුන් හිටියෙ මල් වලින් වට වෙලා තියෙන ජන්කූක්ගෙ photo එක දිහා බලාගෙන...ඒ ඇස් වලින් කඳුලු බේරෙනවා...එයාට දරා ගන්න බැහැ වුන දේවල්...සුදු පාට මල් අතරෙ ලස්සනට හිනා වෙලා ඉන්න ජන්කූක් දිහා ටේහ්‍යුන් ඇහි පිය නොගහා බලන් හිටියා...

ජිමින් යුන්ගි දෙන්නා තවත් එයාලගෙ යාලුවො එක්ක එකතු වෙලා funeral එකේ වැඩ ගැන හොයලා බලලා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් යුන්ගි දෙන්නා තවත් එයාලගෙ යාලුවො එක්ක එකතු වෙලා funeral එකේ වැඩ ගැන හොයලා බලලා කරා...ජිමින් වැඩිපුරම ටේහ්‍යුන් එක්ක හිටියා...ටේහ්‍යුන්ට මේ වෙලාවෙ කවුරුම හරි ඕන...

ජන්කූක්ගෙ මමා ඔහේ එක පැත්තක් බලාගෙන හිටියා...ටේහ්‍යුන්ගෙ වගේම ඒ ඇස් වලිනුත් කඳුලු බේරෙමින් තිබුනා...ජන්කූක්ගෙ පපා ඉස්සරහා බලන් හිටියා...එයාට මතක් වුනා ජන්කූක් ඉපදුන දවසෙ ඉදන් වුන හැමදේම...මුලින්ම ගෙදරට ගෙනාපු හැටි,මුලින්ම පපා කියලා කියපු හැටි,එයාගෙ අතේ එල්ලිලා මුල්ම අඩිය තියපු හැටි,මුලින්ම නර්සරි ස්කූල් ගිය දවස ඒ දවසෙ යන්න බැ කියලා අඬපු හැටි...

මුලින්ම ස්කූල් ගිය දවස,දඟ වැඩක් කරලා හා දත්දෙක පෙන්නලා හිනාවෙන හැටි,ටික ටික ලොකු වෙලා ඉලන්දාරියෙක් වුන හැටි,එක දවසක් සිගරට් එකක් බීලා ඒකට ගහලා අඬනකොට පපාම ගිහින් තුරුල් කරන් හිටි හැටි,මමා එක්ක එකතු වෙලා කෑම ජාති හදන හැටි,graduate වුන දවස,ටේහ්‍යුන්ව මැරි කරපු දවස,කාලකන්නි අතින් විනාස වෙලා ඉස්පිරිතාලෙ හිටිපු විදිහ මේ හැමදේම හිතලා අවසානෙ ජන්කූක්ගෙ පපා බැලුවෙ ඉස්සරහින් පේන ජන්කූක්ගෙ කොෆින් එක දිහා...

අද තමන්ගෙ මුලු ලෝකෙම වුන,හුස්ම වුන පුංචි හා කොල්ලා එයාලව දාලා සදහටම යන්න ගිහින්...ආයෙ කවදාවත් නොඑන්නම...

ඒත් ඒ ඇස්වලින් කඳුලු වැටුනෙ නැහැ...එයා ඒ වැටෙන්න දඟලන කඳුලු ඇස් අස්සෙම හිර කරන් හිටියෙ මේ වෙලාවෙ එයා එයාගෙ නෝනට හයියක් වෙන්න ඕන නිසා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now