𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 08

167 34 0
                                    

"ඇත්තටම ඒ ගෑණු ලමයා පව් ටේ" ටේහ්‍යුන් ඇවිත් ජන්කූක්ට අද වුන විස්තර හැමදේම කිව්වා...ජන්කූක්ට මින්හි ගැන දැනුනේ අප්පිරියාවක් නෙමේ අනුකම්පාවක්...මොනවා වුනත් ඒ ගෑනු ලමයෙක්...

"ඔව් කුකී ඒ ලමයා මට මගේ සහෝදරියක් වගේ" ටේහ්‍යුන් ටීවී එකෙන් ඇස් අරන් ජන්කූක් දිහා බැලුවා..."අනේ ඔව් ටේ පුළුවන් විදියකට ඒ ලමයට උදව් කරන්න,මොන රස්සාව කරත් ඒ ගෑනු ලමයෙක්" ජන්කූක් ටේහ්‍යුන්ට තුරුල් වුනා...ටේහ්‍යුන් ඒ හිස් මුදුනෙන් හාදුවක් තිබ්බා...

"මම මගේ උපරිමය කරනවා කුකී" ටේහ්‍යුන් ජන්කූක් දිහා බලලා ටීවී එක දිහා බැලුවා...ජන්කූක් හිටියෙ ටේහ්‍යුන් උකුලෙ ඔලුව තියන් සෝෆා එකේ දිගා වෙලා...

"අද මොනවද ඉතින් කුකී කරේ කියන්නකෝ" ටේහ්‍යුන් හිනා වෙලා ජන්කූක්ගෙ කම්මුලක් මිරිකුවා..."ම්ම් අද මම ච්‍රිතයක් අඳින්න පටන් ගත්තා" ජන්කූක් ටේහ්‍යුන් දිහා බැලුවා...

"ඔහ් ගෝඩ් අනිවාරෙන් ඒක මාරම ලස්සන ඇති,මට පෙන්නන්නකෝ ඒක" ටේහ්‍යුන් දිලිසෙන ඇස්වලින් ජන්කූක්ගෙ මූනට එබුනා..."අයියෝ හ්‍යුන්ගියෝ මම තාම ඒක පාට කරේ නැ තාම ඇන්ඳා විතරයි,ඒත් පෙන්නන්න බැ ඒක සර්ප්‍රයිස්" ජන්කූක් ආඩම්බරෙන් හිනා වුනා...

"උහුම් නාකයි කූක් ඔයා" ටේහ්‍යුන් පොඩි ලමයෙක් වගේ තොල් පිට පෙරල ගත්තම ජන්කූක් හිවා වෙලා ටේහ්‍යුන්ගෙ බඩට මූන තද කර ගත්තා...












"මම එදා වගේම අදත් කියන්නෙ මිස්ට කිම්,මේ නඩුව අරකිට කියලා ඉල්ලා අස් කරගන්න" ඩෙවින් අදත් හිටියෙ ටේහ්‍යුන්ගෙ office room එකට ඇවිත් ටේහ්‍යුන්ට තර්ජනය කරන ගමන්...

"මමත් එදා වගේම අදත් කියන්නෙ මම ඒක කරන්නෙ නැ ඒ වගේම මින්හිට කරන්න දෙන්නෙත් නැ" ටේහ්‍යුන් සන්සුන් නමුත් ගැඹුරු හඬින් කිව්වා...

"ඔහ් ඒකත් එහෙමද?හරි ඇයි දැන් අර ගණිකාව අඩුවට මිස්ට කිම්ට ඇඟ දෙන්නම් කිව්වද නැත්නම් නොමිලේමද?"ඩෙවින් කටකොනින් හිනා වෙලා ටේහ්‍යුන්ගෙ මේසෙට බර වෙලා ඇහුවා...

"තමුන්ගෙ කට පරිස්සම් කරගන්නවා ඩෙවින්!!" ටේහ්‍යුන් කෑ ගහගෙන නැගිට්ටා...ටේහ්‍යුන්ට කේන්ති ගියා...ඒ තමන්ට එහෙම කිව්ව හින්දා නෙමෙයි මින්හිට ඒ විදියට කතා කරපු නිසා...මොකද ටේහ්‍යුන්ට මින්හි කියන්නෙ තමන්ගෙ සහෝදරිය වගේ...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now