𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 18

165 44 19
                                    

ටේහ්‍යුන් අද උසාවියට ගිහින් අස්වීමේ වැඩ ටික කරන්න යන්න වෙන නිසා ජන්කූක්ගෙ හැම වැඩක්ම කරලා ගියා...ජන්කූක් ඇඳේ හාන්සි වෙලා හිටියා...අද ටේහ්‍යුන් නැති නිසා ජන්කූක්ට ලොකු පාලුවක් දැනුනා...ටේහ්‍යුන් ජන්කූක් තනියම නිසා ජන්කූක්ගෙ මමාට කෝල් කරලා එන්න කියලයි ගිහින් තිබුනෙ ඒත් තාමත් එයා ඇවිත් හිටියෙ නැහැ...

ජන්කූක් හිමින් ඇදෙන් නැගිටලා කාමරෙන් එලියට ගියා...අතවැටට බරවෙලා හිමින් හිමින් ජන්කූක් පඩිපෙල බැහැලා පහලට ගියා...ජන්කූක් බලන් හිටියා එයාගෙ wedding photo එක දිහා...

ජන්කූක්ගෙ ඇස් වලින් කඳුලු බේරුනා...ජන්කූක් එතනම තියෙන ලෑන්ඩ් phone එක අරන් මමාට කෝල් කරා...

"හෙ-හෙලෝ මමා" ජන්කූක් වෙනදා වගේ නැති බිඳුනු හඬකින් කතා කරා...

"අනේ මගේ පුතේ,කියන්න රත්තරන්" ජන්කූක්ට ඇහුනා එයාගෙ අම්මගෙ සතුටින් පිරුනු හඩ...

"මම මේ එන්න හදන්නෙ පුතේ ටේහ්‍යුන් පුතා කිව්වා ඔයාව අද බලාගන්න කියලා" ජන්කූක් දන්නවා ටේහ්‍යුන් එහෙම කිව්වා කියලා...මොකද ජන්කූක් උදේ ටේහ්‍යුන් මමාට කතා කරනවා අහගෙන හිටියා...ඒකමයි ජන්කූක් අද එයාගෙ මමාට කෝල් කරේ...

"ම-මමා එන්න ඕන නැ" ජන්කූක් කිව්වා...

"අනේ ඇයි ඒ" ජන්කූක්ගෙ මමා පුදුමෙන් වගේ ඇහුවා...එයා දන්නවා ජන්කූක්ට මේ වෙලාවෙ කවුරුම හරි ඕන කියලා...

"ටෙ-ටේහ්‍යුන් එනවා කිව්වා අ-අද වැඩ නැ කියලා" ජන්කූක් එයාගෙ මමාට බොරු කිව්වා...ඇයි එයා එහෙම බොරු කිව්වෙ...

"අහ් එහෙමද දැන්ම එනවා කිව්වද?" ජන්කූක්ගෙ මමා ඇහුවා...

"ඔව්" ජන්කූක් එයාගෙ wedding photo එක දිහා ආයෙත් බැලුවා..."හරි එහෙනම් ටේ පුතා එනකන් පරිස්සමින් ඉන්න මගේ පුතේ" ජන්කූක්ගෙ මමා කාරුණික හඬකින් එහෙම කිව්වා...

"හා" ජන්කූක් බේරෙන කඳුලු පිහදාලා දැම්මා...

"හරි පුතේ මම තියන්-

"ඉන්න මමා" ජන්කූක්ගෙ මමා කෝල් එක කට් කරන්න හදනවත් එක්කම ජන්කූක් ඒක නැවැත්තුවා..."ඇයි පුතේ" ජන්කූක්ගෙ මමා පුදුමෙන් ඇහුවා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now