𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 04

184 40 1
                                    

"ඇයි දැන් මිස්ට කිම්ට බැරි අපේ නඩුව තමුන්ගෙ සේවාදායකයට කියලා ඉල්ලා අස් කරගන්න" ටේහ්‍යුන් හිටයෙ උසාවියෙ...උදෙන්ම එයාට කතා කරන්න තිබුනෙ අකමැත්තෙන් හරි දූශන නඩුවක්...

"ඇයි මම එහෙම කරන්න ඕන" ටේහ්‍යුන් ඇහුවෙ තමන්ගෙ කාර්යාල කාමරේ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න මැර පෙනුමක් තිබුන පුද්ගලයගෙන්..."මොකද එතකොට අපිට පුළුවන් අපේ පාඩුවෙ අපේ වැඩ ආයෙ කරගෙන යන්න"එතන ටිකක් දරදඬු පාටට හිටපු පුද්ගලයා කටකොනින් හිනා වුනා...

"හ්හ අහිංසක කෙල්ලො විනාස කරලා දාන එකද ඩෙවින්?" ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා ඇහුවා..."උන් අහිංසක නෑ කියන්න කිම් මහත්මයා දන්නවනේ" ඩෙවින් කියන කෙනා ටේහ්‍යුන් දිහා බැලුවා...

"මම නඩුව අයින් කරන්නෙ නැ මිස්ට,මොකද මේක මගේ රාජකාරිය ඒක මම මගින් නවත්තන්නෙ නැ කරලම තමයි නවත්තන්නෙ" ටේහ්‍යුන් එහෙම කියලා තමන්ගෙ පුටුවෙන් ගිහින් වාඩි වෙලා කියවමින් හිටිය පොත කියවන්න ගත්තා...

"හරි අපි බලාගමු" ඩෙවින් එහෙම කියලා ටේහ්‍යුන් දිහා ටිකක් වෙලා බලන් ඉදලා smirk කරලා එතනින් ගියා...ඇරිලා වැහෙන දොර දිහා ටේහ්‍යුන් කන්නාඩි දෙක ගලවලා බලාගෙන හිටියා...

.

.

.

.

.

.

.

.

.

.

ජන්කූක් හිටියෙ ඩිනර් එක රෙඩි කරලා මේසෙ ඇරේන්ජ් කරන ගමන්...ඒත් එක්කම ඇහුන කාර් එකේ සද්දෙ නිසා ජන්කූක් ඉක්මනට ගිහින් දොර ඇරියා...

"අහ් මෙන්න" ටේහ්‍යුන් තමන්ගෙ එක අතක් පිටිපස්සට කරලා හංගගෙන අරගෙන ආපු මල් බොකේ එක ජන්කූක් අතට දුන්නා...ටේහ්‍යුන් බලන් හිටියා ඒ බෝල ඇස් ක්ෂණිකව දිලිසෙන්න ගත්ත හැටි...

"ඔහ් දෙවියනේ ටියුලිප්" ජන්කූක් පුදුමෙන් දිලිසෙන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බැලුවා..."අයි නෝ ඊට්ස් යුවර් ෆේවරිට්" ටේහ්‍යුන් හිනා වෙලා ඊට අමතරව අරගෙන ආපු කඩචෝරු මල්ල ජන්කූක්ගෙ අනෙක් අතින් රැදෙව්වා...

ජන්කූක් හිනා වෙලා ගෙට ඇවිත් බල් බොකේ එක එයාලගෙ කාමරේට ගිහින් තියලා කිචන් එකට ගියා...ටේහ්‍යුන්නුත් ටයි එක ගලවගෙනම කිචන් එකට ගියා..."අහ් මෙන්න" ජන්කූක් ටේහ්‍යුන්ට වතුර වීදුරුවක් දුන්නා...

"වොශ් කරලම කනවද නැත්නන් ඔහොම්මම කනවද?" ජන්කූක් ඇහුවා..."කෑම සුවඳයි ඒ නිසා මෙහෙම්ම ම කනවා" ටේහ්‍යුන් හිනා වෙලා ෂර්ට් එකේ අත් උඩට උස්සන ගමන් ඩයිනින් ටේබල් එකෙන් වාඩි වුනා...

ජන්කූක් වෙනදා වගේම ටේහ්‍යුන්ට බෙදලා ඉවර වෙලා තමන්ට බෙදා ගන්න ගියත් ටේහ්‍යුන් එක පාරටම නැගිට්ට නිසා ජන්කූක් පුදුමෙන් බලන් හිටියා...

ටේහ්‍යුන් නැගිටලා ජන්කූක්ව වාඩි කරවලා...ජන්කූක්ගෙ ප්ලේට් එක අරගෙන කෑම බෙදලා ජන්කූක් ලඟින් තිබ්බා...ජන්කූක් කන්නෙ නැතුව කවදාවත් නැති හැසිරීම් තියෙන පාඩුවෙ කන ටේහ්‍යුන් දිහා බලන් හිටියා...

"කන්න" ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා ආයෙත් කන්න ගත්තා..." කෝ ආ කියන්න" ජන්කූක් වුනත් කැමති වුනේ නැ flirt කරන එකෙන්වත් ටේහ්‍යුන්ට දෙවෙනි වෙන්න ඒ නිසා එයා එයාගෙ ප්ලේට් එකෙන් ටිකක් අරන් ටේහ්‍යුන්ට කවන් ගත්තා...

ටේහ්‍යුන් පුදුමෙන් මේ දිහා බැලුවත් ජන්කූක්ගෙ කට කොනේ ඇඳිලා තියෙන හිනාව දැකලා කට පුරා හිනා වෙලා කට ඇරියා...ඔය විදියට දෙන්නම දෙන්නට කවා ගන්න ගමන් ඩිනර් ටයිම් එක ඉවර කරා...

.

.

.

.

.

.

"ඔයා හැන්ඩ්සම්" ටේහ්‍යුන් වොශ් දාලා ටවල් එක විතරක් ඉව වටේ යන්තම් පටලගෙන එලියට ආවත් නොහිතූ විදියට ඇද උඩ වාඩි වෙලා ජන්කූක් ඉන්නවා දැකලා පුදුම වුනා...මොකද මීට කලින් තමන් වොශ් දාන්න රූම් එකට ගියාම ජන්කූක් රූම් එකට එන්නෙ නැ ඒත් අද ජන්කූක් ඇවිත් ඉන්නවා...ඊ​ට වඩා ටේහ්‍යුන් පුදුම වුනේ ජන්කූක් කියපු දේට...

ඊටත් වඩා එයා පුදුම වුනේ තමන් අද එනකොට තමන්ට කියලා අලුතින් ගෙනාපු සුදු අත් දිග ෂර්ට් එක විතරක් ජන්කූක් ඇඳන් ඉන්නවා දැකලා...



🙂♥️

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now