𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 14

158 45 29
                                    

"සිට්" ඇතුලට ආපු ටේහ්‍යුන් වාඩිවුනා..."ම්ම් මම තමයි පේශන්ට්ව බාරව ඉන්නෙ,මම ඩොක්ටර් නෝරා" නෝරා හිනා වෙලා ටේහ්‍යුන්ට පැහැදිලි කරා...ටේහ්‍යුන් හිටියෙ තව කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන්න පුළුවන් මානසිකත්වයකින් නෙමෙයි...

"ඩො-ඩොක්ටර් මගේ හස්බන්ඩ් හොඳින්ද?" ටේහ්‍යුන් වෙව්ලන හඬකින් ඇහුවා..."ම්ම් එයා ගොඩක් දරුනු විදියට පස් දෙනෙක් අතින්ම දූශණය වෙලා තියෙනවා මිස්ට" නෝරා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා...එයාට ඕන වුනේ නැ මේ දේවල් ටේහ්‍යුන්ට කියන්න ඒත් ඒක එයාගෙ වගකීම...නෝරා දැක්කා ටේහ්‍යුන්ගෙ ඇස්වල තියෙන වේදනාව...

නෝරා කියපු දේවල් ඇහෙනවත් එක්කම ටේහ්‍යුන්ගෙ ඇස් වලින් කඳුලු කඩන් වැටුනා..."මට පුළුවන් විදියට එයාව හොඳ කරලා දෙන්න ඩොක්ටර්" ටේහ්‍යුන් එයාගෙ අත්දෙක එකතු කරලා නෝරාට කිව්වා...ටේහ්‍යුන්ට මේ වෙච්ච දේ දරාගන්න අමාරුයි...එයා අසරණයි...

"මෙහෙමයි මිස්ට,එයා රේප් වුන කෙනෙක් ඉතින් අපිට එයාට බෙහෙත් දීලා හොඳ කරන්න බෑනේ මිස්ට,අපිට කරන්න පුළුවන් එයාගෙ තුවාල වලින් එයාට දෙන වේදනාව නැති කරන එක විරතයි,අපි දැනුත් පැය ගානක් ඉදන් කරේ එයාගෙ අභ්‍යන්තරයෙන් වගේම බාහිරින් වුන තුවාල වලට බෙහෙත් කරපු එක,

එයා ලොකු කම්පනයකින් ඉන්නෙ,වුන දේවල් නැවත නැවත මතක් කරවන්න එපා,එයාව හිටපු තත්වෙට ගන්න පුළුවන් ඔයාට විතරයි මිස්ට මොකද ඔයා එයාගෙ හස්බන්ඩ්, මෙතනට ඔය වගේ රේප් වුන ගොඩක් අය එනවා ඒ අයට අඩුගානෙ කිසිම කෙනෙක් නැ මිස්ට ඉතින් ඒ අතින් ගත්තම ජන්කූක් ටිකක් හරි වාසනාවන්තයි
මොකද එයාට ආදරේ කරන්න ඔයා ඉන්නවා මිස්ට,එහෙම හිතලවත් දැන් තියෙන්නෙ ඔයාට හිත හදාගෙන එයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න"නෝරා හැමදෙයක්ම ටේහ්‍යුන්ට පැහැදිලි කරා...ටේහ්‍යුන් කඳුලු අතරින් ඒ හැමදේම අවදානයෙන් අහන් හිටියා...

"හරි ඩොක්ටර්" ටේහ්‍යුන් කඳුලු පිහදාගෙන ලා හඬකින් ඩොක්ටර්ට උත්තර දුන්නා..."එයාව අපි තව සතියක් තියා ගන්නවා,ඊට පස්සෙ තමයි ඩිස්චාජ් කරන්නෙ" නෝරා කිව්වම ටේහ්‍යුන් ඔලුව වනලා ඔහේ එලියට ඇවිදගෙන ගියා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now