𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 13

154 42 34
                                    

ටේහ්‍යුන් හිටියෙ පාලු පාරක තමන්ගෙ කාර් එක නවත්තගෙන සීට් එකට හේත්තු වෙලා...ඒ ඇස් වලිනුත් ජන්කූක්ගෙ වගේම කඳුලු බේරෙමින් තිබුනා..."ඔයා කොහෙද මගේ පණ" ටේහ්‍යුන් හිමීට මිමිනුවා...

ටේහ්‍යුන් ඔහේ කරකියා ගන්න දෙයක් නැතුව ඉස්සරහා බලාගෙන හිටියා...ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ වාහනේ පහු කරගෙන කලු පාට වෑන් එකක් වේගයෙන් ඉස්සරහට ඇදුනා...ඒ වෑන් එක ටේහ්‍යුන්ගෙ කාර් එකට ටිකක් ඉස්සරහින් නවත්තලා ඇතුලෙන් ගත්ත පොට්ටනියක් වගේ දෙයක් එලියට විසි කරලා එහෙම්මම වේගයෙන් ගියා...

මේ හැමදේම ටේහ්‍යුන් බලාගෙන හිටියා...ටේහ්‍යුන් සැකෙන් වගේ වාහනෙන් බැහැලා වැස්ස ගැන හිතන්නෙවත් නැතුව එතනට ඇවිදගෙන ගියා...ටේහ්‍යුන් දැක්කා රෙදි කෑල්ලකින් ඔතලා දෙයක් තියෙනවා...

ටේහ්‍යුන් ඒ මනුස්සයෙක් කියලා දැක්කම ගොඩක් පුදුම වුනා එයා ඉක්මනට දණ ගහගෙන ඒ මනුස්සයව හරි පැත්තට හැරෙව්වා...
















ඒ කෙනාගෙ මූන දැක්කම ටේහ්‍යුන්ට හිතුනා ඒ මොහොතෙම මැරිලා ගියානම් හොඳයි කියලා...ටේහ්‍යුන් එහෙම්මම පන නැතුව එතන වාඩි වුනා...ඒ ඇස්වල ටික වෙලාවකට නැවතිලා තිබුන කඳුලු ආයෙත් හෝ ගාලා ගලාගෙන ගියා...

ටේහ්‍යුන්ගෙ වෙව්ලන ඇඟිලි තුඩු ඒ මූන ඇල්ලුවා...ටේහ්‍යුන් එකපාරටම මහ හයියෙන් අඬාගෙන ජන්කූක්ව බදා ගත්තා...

"ආග්ර්ර්ර්ර්ර්" ටේහ්‍යුන් විලාප තිබ්බා...ලොකු වේදනාවකින්...කියලා නිම කරන්න බැරි වේදනාවකින්...මුලු පැරිස් නගරෙටම ටේහ්‍යුන්ගෙ වේදනාවේ විලාපය ඇහෙන්න ඇති...

ජන්කූක් පන පිටින් ඉන්නවද නැත්ද කියලවත් ටේහ්‍යුන්ට හරි අදහසක් නැහැ...එයා මලක් වගේ බලාගත්ත ජන්කූක්ගෙ ඇඟ අද සත්තු කාලා දාලා වගේ...ටේහ්‍යුන් ඇඬුවා...කෑ ගහලා ඇඬුවා...

ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ phone එකට මැසේජ් එකක් ආවා...ටේහ්‍යුන් ඒක බැලුවා...ඒකෙ තිබුනෙ
"සංග්‍රහයට ස්තූතියි" කියලා ඩෙවින් එවපු එකක්...ටේහ්‍යුන් එහෙම්මම phone එක පොලොවෙ ගැහුවා...

ටේහ්‍යුන් ඉක්මනටම ජන්කූක්ව උස්සගෙන ඇවිත් කාර් එක ඇතුලෙන් පරිස්සමින් තිබ්බා...ඉක්මනට වාහනේට නගින්න ගියත් ටේහ්‍යුන්ට මතක් වුනා එයාගෙයි ජන්කූක්ගෙයි photos තියෙන්නෙ එයාගෙ phone එකේ කියලා...ඒක ඒ නිසා ටේහ්‍යුන්ට ගොඩක් වටිනවා මොකද ඒකෙ එයාගෙ කුකී බබාගෙ හුරතල් විකාර වීඩියෝස් පවා තිබුනා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now