𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 07

150 33 0
                                    

ටේහ්‍යුන් හිටියෙ උසාවියෙ නඩු ශාලාවේ තමන්ට වෙන් වුන ආසනයේ වාඩිවෙලා...ටේහ්‍යුන් එකපාර ඇහුන සද්දෙකට ගැස්සුනා...ඒත් එක්කම ටේහ්‍යුන් එතනින් නැගිටලා හැම කෙනෙක් දිහාම බලලා judgeට ආචාර කරලා තමන්ගෙ සේවාදායකයා ඉන්න විත්ති කූඩුව ලඟට ගිහින් හිට ගත්තා...

"අහ්ම්,එතන සිද්ද වුනේ මොකක්ද?" ටේහ්‍යුන් තමන්ගෙ ගැඹුරු කටහඬ අවදි කරලා තමන්ගෙ සේවාදායකයා වුන මින්හී දිහා බැලුවා..."සර් ම-මම එදත් කි-" මින්හි බයෙන් වගේ ටේහ්‍යුන් දිහා බැලුවා...

"මම කිව්වෙ එදා එතන සිද්ද වුන දේ කියන්න,බය වෙන්න එපා මම ඉන්නවා" ටේහ්‍යුන් තියුණු නමුත් කාරුණික ඇස් වලින් මින්හි දිහා බැලුවා...

"එ-එදා මම වෙනදා වගේම bro-brothel එකේ රූම් එකට වෙලා හිටියා මට එදා දවසට වෙන් වුන කෙනා එනකන්" මින්හි විත්ති කූඩුවෙ දාරෙට අල්ල තද කරා...ටේහ්‍යුන් දැක්කා මින්හිගෙ තොල් වෙව්ලනවා...ටේහ්‍යුන් මින්හි දිහා බලලා ලාවට හිනා වෙලා මම ඉන්නවා බය වෙන්න එපා කියන්න වගේ හිස සෙලෙව්වා...

"මම ටිකක් වෙලා ඉන්නකොට එ-එකපාරටම මනුස්සයෙක් කාමරේට හදිසියෙන් ඇතුල් වුනා...මම බය වුනා...මොකද ඒ කෙනා ආවෙ ගොඩක් හදිසියෙන් නිසා...පස්සෙ මම දැක්කා ඒ මිනිහගේ ඉනේ තුවක්කුවක් තියෙනවා...ඒ නිසා මම බය වුනා මට ඕන වුනේ නැ ඒ මිනිහා එක්ක එදා ඉන්න...

මම ඒ මිනිහව මග ඇරලා එලියට යන්න හැදුවත් මේ මිනිහා-මේ මිනිහා මාව ඇදලා අරගෙන ඇඳට තල්ලු කරා...මම කිව්වා මට අද ඉන්න ඕන නැ මම මැනේජර් එක්ක කතා කරලා මට වෙන් කරපු ගාන ඉල්ලලා දෙන්නම් කියලා..."මින්හි එයාගෙ කතාව නවත්තලා කඳුලු බේරෙන ඇස් වලින් ඈතින් වාඩි වෙලා ඉන්න ඩෙවින් දිහා බැලුවා...

ඩෙවින් කට කොනින් හිනා වෙලා අහක බලාගත්තා...මින්හිට ආවෙ ආවේගයක්..."කියන්න මින්හි" ටේහ්‍යුන් මින්හිගෙ අවදානය තමන් වෙතට ගත්තා..."ඉ-ඊටපස්සෙ අර මිනිහා ම-මාව දූෂණය ක-කරා" මින්හි දත් මිටි කාගෙන ඩෙවින් දිහාවට ඇඟිල්ල දික් කරා...ඒත් තවමත් ඩෙවින් හිනා වෙමින් හිටියා...

"Objection!ගරු ස්වාමීනි මේක සම්පූර්ණ ගොතපු මහ විකාරයක්"ඩෙවින්ගෙ නීතිඥවරයා නැගිටලා කෑ ගැහුවා..."වාඩි වෙන්න මිස්ට ලී මේක මිස්ට කිම්ගෙ අවස්තාව තවම" ජජ් සන්සුන්ව කිව්වම මිස්ට ලී ආවේගෙන් වාඩි වෙලා ඩෙවින් දිහා බැලුවා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ