𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 17

144 43 10
                                    

"ඔව් බන් මට ඒක කරන්න බැ උඹ මින්හි එක්ක කතා කරලා නඩුව කරගෙන පලයන්" ටේහ්‍යුන් හිටියෙ බැල්කනි එකට වෙලා ජිමින් එක්ක කෝල් එකක...

හෙට දහහත්වෙනිදා...නඩු දිනය...ටේහ්‍යුන්ට ඕන වුනේ නැ මේ දේවල් වලට මුල් වුන තැනට ආයෙත් යන්න...ටේහ්‍යුන් හිතුවා රස්සාවෙන් අස් වෙන්න...හැමදේකටම විසඳුම ඒක නොවුනට ටේහ්‍යුන්ට ඕව වුනේ නැහැ ආයෙත් එතනට යන්න..."නැ බන් උඹ හෙට උදෙන්ම ගිහින් මින්හි එක්ක කතා කරපන්,මම තියනවා" ටේහ්‍යුන් කෝල් එක කට් කරලා කාමරේ ඇතුලට ගියා...

දැනට ජන්කූක් එක්ක ඇවිත් සතියක් වෙනවා...ඒත් තාමත් ජන්කූක් ඒ විදියමයි...කතා කරන්නෙ නැ...බලාගත්ත අත බලන් ඉන්නවා...එදා ගාඩ්න් එකේ එයාලා සතුටින් හිටියා වුනත් බලන් ගියාම අවංකවම සතුටින් ඉඳලා තියෙන්නෙ ටේහ්‍යුන් විතරයි...ජන්කූක් තාමත් ඒ විදියමයි...

ටේහ්‍යුන් දැක්කා ජන්කූක් ඇඳේ එක පැත්තකට හැරිලා නිදාගෙන ඉන්නවා...ටේහ්‍යුන් ජන්කූක් හැරිලා ඉන්න පැත්තට ගිහින් ඇඳේ කොනෙන් වාඩි වුනා...ටේහ්‍යුන් බලන් හිටියෙ ඒ මූන දිහා...

වෙනදා වගේ පිරිපුන් බවක් ඒ මූනේ දැන් නැහැ...දැන් ඒ මූන තොල් ඇස් පරවෙච්ච මලක් වගේ වෙලා...ටේහ්‍යුන්ට වේදනයි එයාගෙ කුකී මෙහෙම ඉන්නකොට...ඉස්සර ඒ මූන හඳක් වගේ බැබලුනා...

වෙනදා හබී ගාගෙන ඇඟේ එල්ලෙන ජන්කූක් අද ටේහ්‍යුන් ලඟ​ට එනවටත් ගොඩක් බයයි...වෙනදා පපුවට තුරුල් වෙලා නිදාගන්න ජන්කූක් අද පැත්තකට වෙලා නිදාගන්නවා...ටේහ්‍යුන්ට ඒවම ඇති පණපිටින් පිච්චිලා යන්න...

"මගේ මැණික,ඇයි අපිට මෙහෙම වුනේ අපි අපේ ආදරේ අපේ ජීවිතේ පටන් ගත්තා විතරයි,ඒත් ඒ සේරම පටන් ගත්ත තැනින්ම විනාස වෙලා ගියා කුකී,මම කොහොමද බලන් ඉන්නෙ ඔයා මේ විදියට ඉන්න විදිය,මට අඬන්න ඕන ඔයාට තුරුල් වෙලා ඒත් දැන් ඔයා මාව ඈත් කරනවා" ටේහ්‍යුන්ට ඕන වුනේ නැහැ ගලන කඳුලු නවත්තන්න...ඒවා ඔහේ හෝ ගාලා ගලාගෙන ගියා...

"ඔහොම ඉන්න එපා කුකී වෙනදා වගේ කතා කරන්න පිස්සු වැඩ හුරතල් වැඩ කරන්න,මට කෑම හදලා දෙන්න අනේ දෙවියනේ මට මේක තවත් දරාගන්න බැ කුකී,මම මෙච්චර දවස් ශක්තිමත් කෙනෙක් වගේ හිටියා ඒත් තවනම් බැහැ,මේ හැමදෙයක්ම මම නිසයි" ටේහ්‍යුන් පිටවෙන්න යන ඉකිය කටට අත තද කරලා නවත්ත ගත්තා...ටේහ්‍යුන්ට මේ වෙලාවෙ ඕන කරන්නෙ එයාගෙ හිත නිවන එකම තැන වෙන ජන්කූක්ගෙ තුරුලෙ හැංඟිලා අඬන්න...ඒත් ඒකවත් දැන් එයාට කරගන්න බැහැ...අඩුගානේ කෑගහලා අඬන්නවත් බැහැ මොකද තමන් එයාගෙ සැමියා ලඟ මේ වෙලාවෙ ශක්තිමත්ව ඉන්න ඕන...ටේහ්‍යුන් කාර් එක ඇතුලට වෙලා කාටත් හොරෙන් කෑ ගහලා ඇඩුවෙ නැත්නම් කාටත් කලින් ටේහ්‍යුන්ගෙ පපුව පැලිලා එයා මීට කලින් මැරිලා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now