𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 10

173 44 8
                                    

සතියක කාලයක් ගෙවිලා ගිහින් තිබුනා...ටේහ්‍යුන් ජන්කූක් දෙන්නා මේ වෙනකොට ගොඩක් සතුටින් ජීවත් වුනා...වෙනදා වගේ ඈත් වීමක් ඒ ජීවිත වල තවදුරටත් තිබුනෙ නැහැ...

ජන්කූක් හිටියෙ කිචන් එකේ කුකීස් වගයක් හදන්න බඩු ලෑස්ති කරන ගමන්...ටේහ්‍යුන් වෙනදා වගේම උදෙන්ම තමන්ගෙ රාජකාරි වලට පිටත් වෙලා තිබුනා...

ට්‍රිං~ ට්‍රිං~

කිචන් එකට වෙලා සින්දුවකුත් මුමුන මුමුන හිටපු ජන්කූක්ට එකපාරටම ඇහුනෙ ගෙදර බෙල් එක නාද කරන සද්දෙ..."කවුද මේ වෙලාවෙ,හබී වෙන්න බැ එයා බෙල් එක රින්ග් කරන්නෙ නෑනේ" ජන්කූක් කිචන් එකේ ඉදන් ඔලුව එලියට දාගෙන බලන් හිටියා...

ට්‍රිං~ ට්‍රිං~

"පොඩ්ඩක් ඉන්න" ආයෙමත් බෙල් එක වැදුන නිසා ජන්කූක් තමන් කර කර හිටපු වැඩේ නවත්තලා අත් සෝදගෙන ඇඳන් හිටපු ඒප්‍රන් එක ගලවලා රැක් එකේ එල්ලලා ඉස්සරහට ගියා...

"කවුද?" ජන්කූක් දොර බගෙට ඇරලා එලියෙ ඉන්න නොදන්න පුද්ගලයගෙන් ඇහුවා..."ම්ම්ම් මේ මිස්ට කිම් ටේහ්‍යුන්ගෙ ගෙදර නේද?" ඇවිත් හිටපු කෙනා ජන්කූක්ට හිනා වෙලා ඇහුවා..."අහ්, ඔව් ඔයා කවුද කියනවද?" ජන්කූක් අහපු ප්‍රශ්නෙට තාමත් උත්තරයක් නොලැබුන නිසා ජන්කූක් ආයෙමත් ඒ මනුස්සයා දිහා බැලුවා...

"අහ් මම ටේහ්‍යුන්ගෙ යාලුවෙක්" ඇවිත් හිටපු කෙනා එහෙම කියලා ආයෙත් හිනා වුනා..."එහෙමද?ම්ම් ටේහ්‍යුන් මේ වෙලාවෙ ගෙදර නැ වැඩට ගිහින් උසාවියෙ ඇත්තෙ" ජන්කූක් ඇවිත් හිටපු කෙනාට සුහඳව හිනා වුනා...

"නැ නැ මම ආවෙ,ඔයාව හම්බවෙන්න" ඒ කෙනා එහෙම කියනවත් එක්ක ජන්කූක් ටිකක් පුදුම වුනා...මොකද ජන්කූක් මේ කෙනාව පලවෙනි වතාවට දකින්නෙත් අද ඒත් එයාට මීට් වෙන්න ඕන කියන්නෙ එයාව...

"හ-හරි එන්න ඇවිත් වාඩිවෙන්න"ජන්කූක් ටිකක් සැකෙන් වගේ ඒ මනුස්සයට කිව්වා...ඇවිත් හිටපු පුද්ගලයා හිනා වෙලා ජන්කූක් එක්ක ඇතුලට ගියා..."වාඩිවෙන්න" ජන්කූක් සෝෆා එක පෙන්නලා කිව්වා...

"ඉන්න මම බොන්න දෙයක් අරන් එන්නම්" ජන්කූක් කිචන් එකට ගියා...ආපු කෙනා ගෙදර පුරාම තමන්ගෙ ඇස් අරන් ගියා...ඒත් එක්කම ඒ කෙනාගෙ ඇස් නැවතුනේ තමන්ගෙ ඉස්සරහා බිත්තියෙ එල්ලලා තියෙන විශාල වෙඩින් photo එක දිහාවට...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now