𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 15

156 46 21
                                    

ජන්කූක් හිටියෙ තමන්ගෙ සුපුරුදු ගෙදර සුපුරුදු කාමරේ සුපුරුදු ඇඳ උඩ...ජන්කූක් හිටියෙ ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ජනේලෙන් පේන ඈත බලන්...ඒ ඇස් වෙනදා වගේ හැඟීම් පිරිලා දිලිසුනේ නැහැ...ඒවා දැන් හැඟීමක් නැති හිස් ඇස් වෙලා...වෙනදා වගේ ඒවා මුකුත් කතා කරෙත් නැහැ....

ටේහ්‍යුන් හිටියෙ කිචන් එකේ ජන්කූක්ට උදේට දෙන්න ඕන සුප් එක හදනගමන්...දැනට ජන්කූක් ගෙදර එක්ක ඇවිත් දවස් දෙකක් වෙනවා...ටේහ්‍යුන් මේ දවස් දෙකේම වැඩට නොගිහින් ජන්කූක් වෙනුවෙන් හැමදේම කරා...

"ගුඩ් මෝනින් කුකී මැණික" ටේහ්‍යුන් එයා හදපු සුප් එකත් අරන් කාමරේට ආවා...ටේහ්‍යුන් හිනා වෙලා ජන්කූක්ගෙ ලඟින් ඇඳේ කොනක වාඩි වුනා..."ම්ම් අපි සුප් එක බොමු" ටේහ්‍යුන් එයාගෙ අතේ තියෙන සුප් එක හැඳි ගාන ගමන් කිව්වා...

ජන්කූක් තාමත් බලාගත්තු අත බලාගෙන හිටියා..."කෝ මේ පැත්ත බලන්නකෝ" ටේහ්‍යුන් හිනා වෙවී එහෙම කියලා ජන්කූක්ගෙ මූන තමන් පැත්තට හරවගත්තා...

"කෝ ආ කියන්න" ටේහ්‍යුන් ආදරෙන් ජන්කූක් ලඟට සුප් හැන්දක් ලන් කරා...ජන්කූක් බලන් හිටියා විතරයි කට ඇරියෙ නැහැ..."අනේ මැණික කට අරින්නකෝ" ටේහ්‍යුන් හැන්ද ආයෙත් භාජනේට දාලා ජන්කූක්ගෙ ඔලුව අතගෑවා...

"අනේ මම නිසාවත්" ටේහ්‍යුන් කඳුලු පුරවගෙන ජන්කූක් දිහා බැලුවා...ජන්කූක් දැක්කා ටේහ්‍යුන්ගෙ ඇස් වල කඳුලු තියෙනවා...ජන්කූක් කැමති නැ ඒකට ඒ නිසා එයා හිමීට එයාගෙ කට ඇරියා...

ටේහ්‍යුන් සතුටින් හිනා වෙලා ජන්කූක්ට සුප් ටිකක් පෙව්වා...ජන්කූක් උපරිම සුප් හැඳි හතරක් පහක් වගේ බිව්වා...ටේහ්‍යුන් ඊලඟට ගොඩක් අමාරුවෙන් බෙහෙත් ටිකත් ජන්කූක්ට පෙව්වා...

මේකයි ජන්කූක්ගෙ තත්ත්වෙ...ටේහ්‍යුන් හිතුවටත් වඩා තත්ත්වය ගොඩක් වෙනස් විදියකටයි පෙරලුනේ...දැන් ජන්කූක් කාත් එක්කවත් කතා කරන්නෙවත් හිනා වෙන්නෙවත් නැහැ...ඔහේ ඇඳට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා...

ටේහ්‍යුන්ට මේ දේ කොහොමටවත් දරාගන්න බැහැ...ටේහ්‍යුන් බලාපොරොත්තු වුනා ජන්කූක් එක්ක කතා කරලා වුන දේවල් අමතක කරවන්න ඒත් ඒ හැමදේම කරන්න බැරි තත්වෙට වැටිලා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅On viuen les histories. Descobreix ara