𝗟𝗔𝗦𝗧 𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥

270 42 58
                                    

දවසක(පාලුව රජ කරනා) song එක අහන ගමන් කියවන්න...මේකෙ සින්දුව දාන්න විදියක් නැහැ මොකක් හරි වෙලා අනේ😭


After one year

ටේහ්‍යුන් හිටියෙ ජන්කූක්ගෙ ලස්සනට ඉදිවුන ස්මාරකය දිහා බලාගෙන...

ටේහ්‍යුන් ගෙනත් තිබුන සුදු ටියුලිප් පොකුර සොහොන් කොත උඩින් තියලා ඒ දිහා ටිකක් වෙලා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන් ගෙනත් තිබුන සුදු ටියුලිප් පොකුර සොහොන් කොත උඩින් තියලා ඒ දිහා ටිකක් වෙලා බලන් හිටියා...ටේහ්‍යුන් අවුරුද්දක් ජන්කූක් නැතුව ජීවිතේ ගෙව්වා...වෙන අයට අවුරුද්දක් කියන්නෙ සාමාන්‍ය කාලයක් වුනත් ටේහ්‍යුන්ට ඒ අවුරුද්ද කල්පයක් තරම් වුනා අනන්තයක් වගේ දැනුනා...ඒ වගේම මේ මුලු අවුරුද්දෙම ටේහ්‍යුන් අඬපු නැති දවසකුත් නොතිබුනා...ඒ අහිංසක ඇස් ඒ හිනාව මතක් වෙන වාරයක් පාසාම ඒ ඇස් කඳුලු වලින් පෙඟිලා ගියා...

කොහොමහරි පාලු මූසල කමින් පිරුන ජීවිතේ අවුරුද්දක් ගොඩක් අමාරුවෙන් ටේහ්‍යුන් ​ගෙවලා ඉවර කරලා තිබුනා...

"මේ ඔයා එදා හිටවපු ටියුලිප් පැල වල මල්,ඔයා කිව්වා හරි ඒවගේ මල් පිපෙන්න ගොඩක් කාලයක් ගියා" ටේහ්‍යුන් මල් උඩින් එයාගෙ දිග ඇගිලි අරන් ගියා...

ටේහ්‍යුන් එක දිගට ජන්කූක්ගෙ ස්මාරකය දිහා බලන් හිටියා...

පරිසරය හරිම නිස්කලංක වුනා...ගස්කොලන් හරිම සැහැල්ලුවෙන් වැනෙමින් තිබුනා...හරියට ජන්කූක් ටේහ්‍යුන්ට ඕන නිදහස ටික වෙලාවකට හරි දුන්නා වගේ...

"ඔයා හොඳින් ඉන්නවා නේද මගේ කුකී" ටේහ්‍යුන් සොහොන් කොත උඩ ඇඟිලි ගෙනියන ගමන් ඇහුවා...ටේහ්‍යුන්ට දැනුනා ඒ සොහොන් කොත රස්නෙයි කියලා..."ඔයා තාමත් ඉස්සර වගේම උණුසුම්" සමහර විට ඒක විහිලුවක් වගේ ඇති...හිතන්න පුළුවන් ස්මාරකය උණුසුම් වෙලා තියෙන්නෙ ඉර අව්වට කියලා...ඒත් ටේහ්‍යුන් කියන්නෙ ජන්කූක්ට ආදරේ කරපු කෙනා...ඒක ටේහ්‍යුන්ට දැනෙන විදිය...ටේහ්‍යුන් ස්මාරකය දිහා බලාගෙන හිනා වුනා...හරිම අසරණ හිනාවක් ඒක...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 25 ⏰

Add this story to your Library to get notified about new parts!

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now