𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 11

153 42 8
                                    

ජන්කූක් ටේහ්‍යුන් දෙන්නා හිටියෙ ඇඳේ...ඩිනර් එක අරගෙන දෙන්නම නිදාගන්න රූම් එකට ආවා...ටේහ්‍යුන්ට මහන්සියටම නින්ද ගිහින් තිබුනත් ජන්කූක්ට නින්ද ගිහින් තිබුනෙ නැහැ...

ජන්කූක් හිටියෙ ටේහ්‍යුන්ගෙ පපුවෙ ඔලුව තියාගෙන...ටේහ්‍යුන්ගෙ ලොකු අතක් ජන්කූක්ගෙ හීනි ඉන වටේ ආරක්ෂාකාරීව එතිලා තිබුනා...

ජන්කූක් අද දවසෙ වුන දේවල් ගැන කල්පනා කරමින් හිටියා...ඩෙවින් ජන්කූක්ට කියපු හැමදෙයක් ගැනම ආයෙ ආයෙත් මතක් කරමින් හිටියා...ජන්කූක් වුන කිසිම දෙයක් ටේහ්‍යුන්ට කියන්න ගියේ නැහැ...මොකද එහෙම වුනොත් ජන්කූක් දන්නවා ටේහ්‍යුන් ගොඩක් කලබල වෙනවා කියලා...

ජන්කූක් දිගින් දිගටම හිතුවා තමන් ගත්තෙ හරි තීරනයක්ද කියලා...ඒත් ජන්කූක්ට බැහැ අහිංසක කෙල්ලෙක්ව අනාත කරන්න...

ජන්කූක් මොනවා වුනත් තදින් හිතාගත්තා එයා ඩෙවින් කියපු දේ කරන්නෙ නැ කියලා...ඒත් ජන්කූක් එවෙලෙ ඩෙවින්ට බයක් නැ වගේ කතා කරත් ජන්කූක් ඉන්නෙ ගොඩක් බය වෙලා...එයාගෙ හිත අමුතු දේවල් වලින් බර වෙලා වගේ දැනුනා...

ජන්කූක් පාන්දර දෙක විතර වෙනකන් වුන දේවල් කරන්න ඕන දේවල් ගැන හිත හිත ඉන්නකොට එයාටත් තිබුන මහන්සියටම එහෙම්ම නින්ද ගියා...ජන්කූක් ටේහ්‍යුන්ගෙ පපුවට තවත් තදින් තුරුල් වුනා...ටේහ්‍යුන් නින්දෙන්ම ජන්කූක්ව තද කරලා බදාගත්තා...
.

.

.

.

.

.

.

.

.

.

ජන්කූක් හිටියෙ සතියකට විතර පස්සෙ තමන්ගෙ වගේම තවත් ගෙවල් කීපයකට යන්න මහ පාරත් එක්කම වෙන් වුන ටිකක් පටු පාර දිගේ අලුත මිලදී ගත්ත රෝස පැල ටිකත් අරන් හිමීට ඇවිදගෙන යන ගමන්...

පීප් පීප්

ජන්කූක්ට ඇහුනා එයාගෙ පිටිපස්සෙන් වාහනයක් හෝන් කරන සද්දෙ...ජන්කූක් හැරිලා බලලා ආයෙත් තමන්ගෙ පාඩුවෙ යන්න ගත්තා...ජන්කූක්ට ඒක ලොකු දෙයක් වුනේ නැත්තෙ මේ පාරෙ කොහොමත් නිතරම වගේ වාහන යන එන නිසා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now