𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 12

165 34 15
                                    

ටේහ්‍යුන් ගේට් එකෙන් ඇතුලට වාහනේ දාලා වාහනෙන් බැස්සෙ සැකෙන් වගේ...වෙනදට මේ වෙනකොට ගෙදර වගේම ගාඩ්න් එක ගේට් එක ඉස්සරහා ලයිට්ස් ඔක්කොම ජන්කූක් දාලා තියෙනවා...

ටේහ්‍යුන්ගෙ හිතට අමුතු බයක් දැනුනා...ටේහ්‍යුන් ගැස්සුනේ එකපාරටම ගොරවන්න පටන් ගත්ත නිසා...ලොකු සුළඟක් ඇවිත් ටේහ්‍යුන්ගෙ ඇඟේ වැදිලා වගේ යන්න ගියා...ටේහ්‍යුන්ට කවදාවත් නැති අමුතුම මූසල හැඟීමක් දැනෙන්න ගත්තා...

ටේහ්‍යුන් දොරකොඩට ගිහින් දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා...ටේහ්‍යුන් නලල රැලි කරගෙන වටපිටාව බැලුවා...මේ වෙනකොට වෙලාව රාත්‍රී හතට විතර කියලා ටේහ්‍යුන් තමන්ගෙ අත් ඔරලෝසුවෙන් දැක්කා...

ටේහ්‍යුන් තමන්ගෙ සාක්කුවෙ තිබුන අමතර යතුරෙන් දොර ඇරගෙන ඇතුලට අඩිය තියනවත් එක්කම ටේහ්‍යුන්ට දැනුනා මහ කාලකන්නි හැඟීමක්...ටේහ්‍යුන් ගේ ඇතුලෙ වගේම දාන්න ඕන හැමතැනමකම ලයිට්ස් දැම්මා...

ගේ ඇතුල ආලෝකමත් වුනාම ටේහ්‍යුන් දැක්කා ගේ ඇතුල පාලුවට ගිහින් තියෙනවා...ටේහ්‍යුන්ට තාමත් ඇහුනා එලියෙ හයියෙන් හමන සුළඟෙ සද්දෙ...

" කුකී...කුකී" ටේහ්‍යුන් බෑග් එක පුටුවක් උඩින් තියලා කිචන් එකට ගියා..."ඔයා කොහෙද?" ජන්කූක් කිචන් එකේ පේන්න හිටියෙ නැති නිසා ටේහ්‍යුන් ටිකක් සද්දෙන් කතා කරන ගමන් බෙඩ් රූම් එකට ගියා...

"ඔයා ඉන්නවද?" ටේහ්‍යුන් රූම් එකට ඇතුල් වෙන ගමන්ම ඇහුවත් කාමරේ පුරාම ඇස් ගෙනියනකොට දැක්කෙ ජන්කූක් ඒ කොහෙවත් නැ කියලා...ටේහ්‍යුන් කලබලෙන් හැමතැනකම ජන්කූක්ව හෙව්වා...

ටේහ්‍යුන් ජන්කූක්ට කෝල් කරාට ගන්න හැම වතාවකම phone එක ඔෆ් කියලා සටහන් වුනා...ඒකෙන් ටේහ්‍යුන් ඕනවටත් වඩා බය වුනා...ටේහ්‍යුන්ට එකපාරටම මතක් වුනා ජන්කූක් ජිමින්ගෙ ගෙදර යන්න ඇති කියලා...

ඒත් ජිමින්ට ඩයල් කරන්න යනකොටම තමයි මතක් වුනේ ජිමින් යුන්ගි එක්ක කොරියාවට ගියා නේද කියලා...ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ ඇස් වලට කඳුලු පිරුනා...ආයෙත් ටේහ්‍යුන්ට මතක් වුනේ ජන්කූක්ගෙයි මමායි පපායි...ටේහ්‍යුන් ඉක්මනටම ඒ දෙන්නට කෝල් කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කෝල් එක ආන්සර් කරේ නැහැ...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now