𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 16

134 39 3
                                    

"බේබි අර බලන්න,ඒ කුරුලු ජෝඩුව ලස්සනයි නේද?එයාලා සතුටින් වගේ" ටේහ්‍යුන් ජන්කූක් දෙන්නා හිටියෙ ගාඩ්න් එකේ...කාමරේටම වෙලා දවස ගෙවලා දාන ජන්කූක්ව අද ටේහ්‍යුන් කොහොමහරි කරලා එලියට එක්කගෙන ආවා...

දෙන්නම ගාඩ්න් එකේ කොනක තිබුන බෙන්ච් එකක වාඩි වෙලා ලග තිබුන ගහේ අත්තක සතුටින් ඉන්න කුරුලු ජෝඩුවක් දිහා බලන් හිටියා...

දෙන්නම මෙතනට ඇවිත් පැයකට ආසන්න වෙලා තිබුනත් මුල ඉදන්ම කතා කරේ ටේහ්‍යුන්...ජන්කූක් ඔහේ ඈත බලාගෙන ටේහ්‍යුන් කියන දේවල් අහගෙන හිටියා...

ටේහ්‍යුන් දැක්කා ජන්කූක්ගෙ ප්‍රතිචාරය ටේහ්‍යුන් තමන්ගෙ ඇස් වලට වුනපු කඳුලු පිහදාගන්න ඉක්මනට බිම බලාගත්තා...

විනාඩි දහයක් විතර ගෙවිලා ගියා...

ඒ කාලය පුරාවටම දෙන්නා අතරෙ දැඩි නිහඬ තාවයක් ගලාගෙන ගියා...

ටේහ්‍යුන් එහෙම්ම නැවිලා ජන්කූක්ගෙ තොල් උඩින් දැනෙන නොදැනෙන ගානට කුඩා හාදුවක් තිබ්බා...ජන්කූක්ගෙ ඇස් ලොකු වුනත් ටේහ්‍යුන් දැක්කා ඒ ඇස් වල පිරිලා තියෙන කඳුලු...

"ඔයා ඔහොම ඇස් ලොකු කරනකොට මට හිතෙනවා ඔයාව අල්ලගෙන කාලා දාන්න" ටේහ්‍යුන් කටකොනින් හිනා වෙලා කිව්වත් ජන්කූක් වෙනදා වගේ ලැජ්ජාවට රතු වෙලා බිම බලාගත්තෙ නැහැ එයා ඒ වෙනුවට ලොකු හුස්මක් මුදාහැරලා ගෙදර වත්ත වට කරලා තියෙන වැටට එහා පැත්තෙ පාරෙ යන වාහන දිහා බලන් හිටියා...

ලොකු හුස්මක් වාතලයට මුසු කරපු ටේහ්‍යුන් එතනින් නැගිටලා ගේ ඇතුලට ගියා...ජන්කූක් ටේහ්‍යුන් යන දිහා බලන් හිටියෙ කඳුලු ගලන ඇස් වලින්...ජන්කූක්ට එයා ගැනම කේන්තියක් ආවෙ එයාගෙ හැසිරීමට ඒත් එයාට තාමත් ඒ කමිපනයෙන් මිදෙන්න අමාරුයි...ජන්කූක් විනාස වුනේ පිරිමි අතින්...ටේහ්‍යුන් කියන්නෙ තමන්ගෙ ආදරේ තමන්ගෙ සැමියා වුනාට ටේහ්‍යුන් කියන්නෙත් තවත් එක පිරිමියෙක් ඉතින් ජන්කූක්ට බැහැ වුන දේවල් අමතක කරලා මෙච්චර ඉක්මනින් පිරිමියෙක්ට ලං වෙන්න...බයට පපුව හිර වෙලා මැරිලා යයි එයා...

ඒත් එක්කම ආයෙමත් ටේහ්‍යුන් ආවෙ හිනා වෙලා...එයාගෙ අතේ ගිටාර් එකක් තියෙනවා ජන්කූක් දැක්කා...ඒ කියන්නෙ ටේහ්‍යුන් ගිහින් තියෙන්නෙ ඒක ගේන්න මිසක් තමන් එක්ක තරහකින් නෙමෙයි...ජන්කූක් හිනා වුනා...හිතින්...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now